Business

දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කම්හල හොරණින් ඇරඹෙයි

දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්ගලික) සමාගම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ.

මෙම කර්මාන්ත ශාලාව හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක ස්ථාපනය කර තිබේ.

මෙහි පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වන අතර යුරෝපා තාක්ෂණය සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණ භාවිතයෙන් එහි නිෂ්පාදන සිදු කෙරේ.

එස්.යූ.වී රථ සඳහා විශේෂ කාණ්ඩයක් මෙන්ම මෝටර් රථ, යතුරු පැදි, ත්‍රීරෝද ඇතුළු ලෝක වෙළඳපොළට අවශ්‍ය ටයර් වර්ග රැසක් මෙහි නිෂ්පාදනය කෙරේ.

මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනයෙන්  80%ක් අපනයනය කෙරෙන අතර ඉතිරි  20 %දේශීය වෙළෙඳපොළට සැපයීමට නියමිතය.

මෙහි ප්‍රථම නිෂ්පාදන තොගය මේ මස දී ඇමෙරිකාවට අපනයනය කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙරට අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය, සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය සහ දේශීය රබර් වගාකරුවන්ට ඉහළ මිලක් හිමිවීම කර්මාන්තශාලාවෙන් හිමිවන ප්‍රතිලාභයන් වේ.

මෙම කර්මාන්තශාලාව පරිසර හිතකාමී ලෙස ඉදිකර තිබීම ද විශේෂත්වයකි.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ පැවති සම්මත සීමාවන් අභිබවා යමින් තාක්ෂණික අංශවල තනතුරු සඳහා නිසි සුදුසුකම් සපිරූ කාන්තාවන් මෙහි සේවයට බඳවා ගැනීමට ද ආයතන කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ.

උත්සව භූමියට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා විසින් පිළිගනු ලැබූ අතර සමරු ඵලකය නිරාවරණය කළ එය විවෘත කළ ජනාධිපතිවරයා ටයර් නිෂ්පාදනායතනයේ සමස්ත ක්‍රියාවලිය ද නිරීක්ෂණය කළේය.

Related posts

“රුපියල් සියයට 3.2 කින් අවප්‍රමාණය වෙලා”- මහ බැංකුව

colombotoday

Lifebuoy සබන් වර්ගයක් නොවෙයි. | හමේ රෝග, දෘශ්‍යාබාධ ඇති කරන ද්‍රව්‍ය අඩංගුයි | මාධ්‍ය නොකියන තිත්ත ඇත්ත මෙන්න.

colombotoday

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 201.28 දක්වා පහළට

colombotoday

රං පවුම අනුදාහට නගී

colombotoday

“ලබන අවුරුද්දේ රාජ්‍ය ආයතන කිහිපයක් විකුණනවා” අගමැති ආයෝජකයන් හමුවේ හෙළිකරයි – Video

colombotoday

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 360 යි

colombotoday