Colombo Today Local News

තෙල් සහ ගෑස් ගවේශනය නැවත අරඹයි.. දෙන වැටුපට වැඩකිරීමට විශේෂඥයින්ගේ කැමැත්ත

තෙල් සහ ගෑස් ගවේශනය නැවත ආරම්භ කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, වසර ගණනාවක් පුරා එම කටයුතු අකර්මරණ්‍යව පැවති බවය.

එම ගවේෂණ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා රජය විසින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයට නව නිලධාරීන් දෙපළක් පත්කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් ලෙස සුදත් ඕවිටිගම මහතා සහ එහි උපදේශකවරයෙක් ලෙස සාලිය වික්‍රමසූරිය මහතාවත් පත්කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

එම නිලධාරීන් දෙපළ ලොව පුරා මෙම කේෂ්ත්‍රය සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ලබා ඇති බවත් පැවසු අමාත්‍යවරයා ඔවුන් රජය විසින් තීරණය කර ඇති වැටුප මත සේවය කිරීමට සිය කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයක් බව ද පැවසීය.

මව්බිමේ ඇති තෙල් සම්පත සොයා ගැනීමට තමන්ට හැකි පමණින් දායක වීමට බලාපොරොත්තු වන බව ද ඔවුන් පවසා ඇතැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

CIDය පාවෙන අවි ගබඩාවට මුද්‍රා තබයි!

colombotoday

බසයක් සහ මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

‘නිකරුණේ රඳවාගෙන සිටින කොටි සැකකරුවන් වහාම නිදහස් කළ යුතුයි’ – කාදිනල් තුමා

colombotoday

සුවිශේෂී වෙනසක් සමග මධ්‍යම අධිවේගයේ වැඩ ඇරඹේ

colombotoday

නව මුදල් පනත අද සිට බලාත්මකයි

colombotoday

රනිල්ගේ රැලි 30ක් කැන්සල්

Admin