Colombo Today Local News

තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම අවසන්

මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීමේ කටයුතු අවසන් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

පසුගිය 18 වනදා එම කටයුතු අවසන් කිරීමට පියවර ගත් බව එම කාර්යාලය සඳහන් කළේය.

මේ අතර අගෝස්තු 5 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම ජුනි 30, ජුලි 01 වනදා සහ 02 වනදා සිදු කිරීමට නියමිතය.

මෙවර මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්දය සලකුණු කිරීම ජූලි මස 14, 15, 16 සහ 17 යන දිනවලදී සිදු කෙරෙයි.

රාජ්‍ය ආයතනවල සේවකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට ජුලි මස 14 සහ 15 යන දෙදින වෙන් කර ඇති අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ජුලි මස 16 සහ 17 යන දෙදින නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එම දිනවලදී ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සදහා ජූලි මස 20 සහ 21 යන දිනවලදී තැපැල් ඡන්දය භාවිත කිරීමේ පහසුකම සලසා දී තිබේ.

මේ අතර එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ පැමිණිලි භාර ගැනීමට සහ පැමිණිලි විමර්ශනය සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

Related posts

පස්සේ සගවා ගත් රත්‍රන් එක්ක ඇඹරෙද්දී කෝටි 17ක රත්තරන් කටුනායකදී මාට්ටු

colombotoday

වරාය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන්

colombotoday

අබලන්වූ මාර්ගයට අවධානය යොමු කරවන්න, ජනපති යන පාරේ කෙසෙල් පැළ සිටවූ තරුණයා රිමාන්ඩ්

colombotoday

විමල් අද සිල් ගනියි – හිරේ ගිය පසු දහම මතක් වේ

colombotoday

රටවල් දෙකකන් ඖෂධ පරිත්‍යාගක්

colombotoday

ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරනු ! අලුත් ව්‍යවස්ථාවට උතුරෙන් යෝජනාවක්

colombotoday