Colombo Today Local News

තව්හිද් ත්‍රස්තයන් හම්බන්තොටදීත් සන්නද්ධ පුහුණුව ලබලා…

කාත්තන්කුඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් හත් දෙනාට ජාතික තවුහිත් ජමාත් ත්‍රස්ත කණ්ඩායම හම්බන්තොට ප්‍රදේශයේදී සන්නද්ධ පුහුණුව ලබා දී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම්ගේ සමීපතමයන් ලෙස හඳුනාගෙන ඇති මෙම පිරිස හම්බන්තොට ප්‍රදේශයට ගෙනයාමේ කටයුතු සිදුකරනු ලැබ ඇත්තේ හෂීම්ගේ සොහොයුරකු විසින් බව එම නිලධාරියා කීය.
 
කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.පී කස්තුරිආරච්චි මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
පාස්කු ඉරිදා ප්‍රහාරයට මෙම පිරිසේ සම්බන්ධයක් තිබේද යන්නත් ඔවුන්ගේ ඉදිරි සැලැසුම් ගැනත් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.  

Related posts

එන්නත් ලබාගෙන රටින් එන අය ගෙදරම නිරෝධායනයට

colombotoday

බැදුම්කර මගඩි සමාගමේ ව්‍යාපාර මහබැංකුව ගත් අලුත් තීරණය

colombotoday

ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට අපරාධ පැමිණිල්ලක්

colombotoday

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

colombotoday

දිස්ත්‍රික්ක 8කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

colombotoday

නව වාරිමාර්ග සහ ජලසම්පත් අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ පත්වේ

Admin