Covid 19World

ට්‍රම්ප් කොරෝනා වෛරස් පරීක්ෂණයට ලක්වෙලා

තමන් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස් පරීක්ෂණයට මුහුණදුන් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

පසුගිය සිකුරාදා පුවත්පත් සාකච්ඡාවෙන් අනතුරුව තමන් එම පරීක්ෂණයට යොමුවූ බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, එහි ප්‍රතිඵලය තමන් තවමත් නොදන්නා බවත්, ඒ සඳහා සාමාන්‍යයෙන් දින 1ක් හෝ 2ක් ගතවනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.

අද (14දා) ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවට පැමිණීමට පෙර තමන්ට උණ තත්ත්වයක් පැවති බවත්, කෙසේ වෙතත් එය සාමාන්‍ය තත්ත්වයක් බව පසුව තහවුරු වූ බවත් ට්‍රම්ප් පවසා තිබේ.

කෙසේ වෙතත් පසුගියදා එක්සත් ජනපදයේ සංචාරය කළ බ්‍රසීල ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයාට නව කොරෝනා වෛරසය ආසාධනය වී තිබූ අතර, ඔහු එම සංචාරයේදී ට්‍රම්ප් අසලම සිටින ආකාරය දැකිය හැකි විය.

Related posts

ලොව විශාලතම මගී නෞකාව ඉදිකර අවසන්

Admin

ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් 100දෙනෙකු මරුට

Admin

පැරීසියේ ගොඩනැගිල්ලක පිපිරීමක්…

Admin

මරදානේ කොරෝනා ආසාදිතයා සිටි නිවාස සංකිර්ණය වසාදමයි

colombotoday

කිම් ජොන් උන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් අතර ඓතිහාසික හමුව

colombotoday

කතරගම දේවාලයේ ඇසළ පෙරහරට ගිය නැට්ටුවන් 15කට කොවිඩ්

colombotoday