දැනට රැදවුම් භාරයේ සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් සියළුදෙනාට පොදු සමාවක් ලබාදෙන මෙන් රාජ්‍ය අමාත්‍ය මනෝගනේෂන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
විශේෂ අධිකරණයක් පිහිටුවා මෙම පිරිසගේ නඩු විභාග කිරීමට යෝජනා කළහොත් එම පරීක්ෂණ කටයුතු අවසන් වීමට වසර 15කට වැඩි කාලයක් ගතවනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
එබැවින් ජේ.වී.පී සාමාජිකයන්ට පොදු සමාවක් ලබා දුන්නා මෙන් මෙම එල්.ටී.ටී.ඊ සැකකරුවන් සියලු දෙනාටම නිදහස ලබා දිය යුතු බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.