Colombo Today Local News

ජිනීවා යෝජනාව ගැන අන්තර්ජාතික ඊළාම් සංසදය සතුටින්.

jeneewa

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කර තිබූ යෝජනාවට අන්තර්ජාතික ඊළාම් සංසදය ප්‍රශංසා කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකා සිංහල බෞද්ධ ජාතිවාදී ආණ්ඩුව, සැලසුම් සහගතව උතුරේ කළ ඝාතනවල පදනම හදුනාගෙන නිකුත් කර ඇති මෙම යෝජනාව දෙමළ ජනතාවගේ ගැටළුවවලට විසදුමක් බවයි. උතුරේ දෙමළ ජනතාවගේ ඝාතන ආරම්භ කිරීමට මග සැකසූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම යටත්ව අධිකරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම සහ එම අපරාධවලට හේතු වූ පුද්ගලයන්ගේ පරීක්ෂණ පැවැත්වීමට විදෙස් රටවල් ඒකමතිකව පිළිගැනීම පිළිබදවද එම සංසදය ප්‍රශංසා කරන බව එම නිවේදනයේ සදහන් වනවා.

ජිනීවා යෝජනාවේ සඳහන් කර ඇති අන්දමට පරීක්ෂණ ක්‍රමවේදයේ ප්‍රගතිය පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමට වාර්තා දෙකක් ඉදිරිපත් කිරීමට තිබෙනවා. ඒ, 2010 වසරේ මාර්තු මාසයට පෙර එක් වාර්තාවක් සහ 2017 වසරේ මාර්තු මාසයට පෙර ඉදිරිපත් කළ යුතු අවසන් වාර්තාවයි.ඒ පිළිබඳ සහ පැවැත්වීමට නියමිත පරීක්ෂණයේ සැබෑ ස්වරූපය පිළිබඳ තම සංසදය අවධානයෙන් පසුවන අතර, එම කාලවකවානුව තුළ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත පිළිබඳවත් තම සංසදය දැඩි අවධානයෙන් පසුවන බවයි එම නිවේදනයේ සදහන් වනවා.

Related posts

2021 සා/පෙළට අයදුම්පත්‍ කැඳවීම අදින් අවසන්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහතට

colombotoday

සජින් වාස් රිමාන්ඩ්

colombotoday

ඉන්සියුලින් මෙරටදී නිෂ්පාදනයට සැලැස්මක්

colombotoday

ජීවිතේ පළවෙනි වතාවට අනුන් හැදූ වාර්තාවක් කියෙව්වා – ජනපති බැදුම්කර ප්‍රකාශය ගැන කියන කතාව

colombotoday

ජනපතිට එරෙහි NGO විරෝධතාවයට 9 දෙනෙක් පමණයි

colombotoday