Colombo Today Local NewsExclusive :

The secret, communal speech of minister hisbulla – කෝවිලක ඉඩමක් අල්ලාගෙන පල්ලියක් හදපු හැටි ඇමතිගෙ කටින්ම අහන්න.

නැගෙනහිර පළාතේ හින්දු කෝවිලක් සතු ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන පල්ලියක් සෑදු  ආකාරය සහ එය  තම හිතවතුන්ට ප්‍රකාශ කරන ඇමතිවරයෙක්ගේ රහසිගත වීඩියෝවක් Colombo Today ලන්ඩන් කාර්යාලයට  ලැබී තිබෙනවා. එම වීඩියෝව පහතින්,

[mom_video type=”youtube” id=”A1Z0cKesV_M”]
“මේ ඉඩම අයිතිවෙලා තිබුනේ හින්දු කෝවිලකට. මේ ඉඩම අයිති කර ගන්න ගොඩක් ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වුණා. මට එම ඉඩම අයිති කර ගන්න බැරි වුනානම් හින්දුන් ඔට්ටමාවඩි ගමේ කෝවිලක් හදන්න ඉඩ තිබුනා. එබැවින් මා විසින් කරන ලද සේවය මුස්ලිම්වරු අමතක නොකල යුතුයි. ඒ දවස්වල මෙම ඉඩම අත්පත්කර ගැනීමට විරුද්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුරෙයිරාජසිංහම් මාත් සමඟ රණ්ඩුවනා. නමුත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වශයෙන් මට ඇති බලතල අයුතු ලෙස භාවිතා කරමින් මම මේ ඉඩම අත්පත් කර ගත්තා. ඉන්පස් හින්දු කෝවිලට අයත්ව තිබූ එම ඉඩම මා ඔට්ටමාවඩු පල්ලියට භාර දුන්නා. මම තමයි මෙම කෝවිල් ඉඩමේ කඩකාමර ඉදිකිරීමට මුදල් වෙන්කර ගෙන එම ඉදිකළ කඩ කාමර අපේ මුස්ලිම් ජනතාව අතර බෙදා දුන්නෙ“


ඇමතිවරයා ඒ.එල්.එම්. හිස්බුල්ලාහ් යි. ස්වාධීන මාධ්‍යයක් වශයෙන් මෙය අප පළ කරනුයේ යම් පුද්ගලයෙක් හෝ ආගමික කණ්ඩායමක් පිළිබදව ඒකපාර්ශවීයව යම් අදහසක් ඉස්මතු කිරීමට නොවන බව අවධාරණය කළ යුතුය.

ආගමික, ජාතික සංහිදියාව පිළිබදව මාතෘකාව වැඩි වැඩියෙන් කතා බහ වන මෙවන් අවධියක සැබෑ ලෙසම ජාතික ආගමික සංහිදියාවට බාධා කරන්නේ කවුද? ජාතිවාදය, ආගම්වාදය ගොඩනගන්නා වූ පුද්ගලයන් හා රෝග මූලයන් මොනවාද? රට තුළ මතු වූ සහ දැනටත් ක්‍රියාත්මක වන ආගමික නොසන්සුන්තාවන් වලට පදනම් වූ කරුණු මොනවාදැයි යම් අදහසකට එළඹීමට බුද්ධිමත් පාඨකයන්ට හැකි වනු ඇති බව අප අදහස් කරමු.

ආසන්න වශයෙන් පසුගිය කාලය පුරාවට රට තුළ මතු වූ සහ තවමත් ගිණි පුපුරු මෙන් සමාජය පතුලේ සැගවී ඇති ජාතිවාදී ආගම්වාදී ගැටළුවලට පදනම දැමූයේ මෙවන් වූ අවස්ථාවාදී, අන්ත ජාතිවාදී දේශපාලකයන්ගේ මුග්ධ හැසිරීමය. තම තමන්ගේ ඡන්ද ගොඩ පමණක් ඉලක්ක කරගෙන අන්ත ජාතිවාදය, ආගම්වාදය වපුරවමින් තමන් නියෝජනය කරන ආගමික ප්‍රජාව වෙනුවෙන් පමණක් අන්තවාදීව පෙනී සිටිමින් අන්‍යාගමික අයිතීන්, දේපළ කොල්ල කෑ මේ රටේ ඓතිහාසික සංස්කෘතික වටපිටාව නොහදුනන සුළුතරයක් වූ දේශපාලකයන් ය. මතභේදයට තුඩු දී ඇති කූරගල, දෙවනගල සහ රටපුරා ඓතිහාසික සිද්ධස්ථානවලට එල්ලවී ඇති තර්ජණ මෙන්ම කොටහේනේ හින්දු කෝවිලේ ආගමික කටයුතු වලට එරෙහිව සිදුවන ක්‍රියාදාමය පිටුපසද වැටී තිබෙන්නේ මේ අන්තවාදී ජාතිවාදී ආගම්වාදී දේශපාලනයේ නග්න හෙවනැල්ලය.

එමෙන්ම පසුගිය සමයේ රට පුරා යම් යම් ස්ථාන වල සිදු වූ ආගමික නොසන්සුන්තාවයන් ඇති වූ අවස්ථාවල දී මේ රටේ පක්ෂ විපක්ෂ දේශපාලකයන්ගේ ළදරු හැසිරීම ද එම සිද්ධීන් ඔඩු දිවීමට හේතු වූ බව අප මතක් කළ යුතුය. එවැනි සිදුවීම් වලට පදනම් වූ හේතුව හිතා මතා හෝ අමතක කර එහි ප්‍රථිපලය ගැන රටට කියූ පුද්ගලයන් හා කණ්ඩායම්වලට දේශපාලන ලේබල් අලවමින් අන්තවාදී පිරිස්වලට උඩගෙඩි දුන් පක්ෂ/විපක්ෂ අවස්ථාවාදී දේශපාලකයන් රටට සංවේදී වූ මෙවන් ගැටළු දේශපාලන තුරුම්පුවක් කරගත් හැටි අප නැවතත් මතක් කළ යුතුය.

එබැවින් රට තුළ සැබෑ ආගමික සංහිදියාවක් ගොඩ නැගීමට අවංකවම අවශ්‍යනම් කළ යුතු වන්නේ යම් යම් පාර්ශවවලට, කණ්ඩායම්වලට හෝ ඉදිරි මැතිවරණයේ ඡන්ද පදනම ඉලක්ක කරමින් දේශපාලන අවස්ථාවාදය මත එක් එක් ජනවර්ගවලට අඩු වැඩි වශයෙන් චෝදනා කිරීම නොව. රෝග නිධානයට පිළියම් කිරීමයි. පය බරවායට පිටකර බෙහෙත් නොබැද මෙවැනි අන්ත ජාතිවාදී ආගම්වාදී ක්‍රියාකාරකම් වලට තිත තැබීමයි.
>>>>>>>>>>>>>>>>>>>>>>>>>
පක්ෂ පාටවලට ගැති නොවෙමින්, ඉතා අන්තවාදී ලෙස කටයුතු කරන මෙවැනි පුද්ගලයන්ගේ වෙස්මුහුණු ගලවාදමා සමාජය ඉදිරියේ සැබෑමුහුණු නිරාවරණය කිරීමේ මාධ්‍ය වගකීම Colombo Today අපි බාරගන්නෙමු. ඔබ සතුව ඇති පුවත් අපවෙත යොමු කරන්න – info@colombotoday.com

Related posts

හොරොවුපතාන රක්‍ෂිතයෙත් මහා වන විනාශයක්

colombotoday

නායකත්වය විවේචනය කළ ඒකාබද්ධයේ මන්ත්‍රීන් හයක් ශ්‍රීලනිපයෙන් නෙරපන්න යයි !

colombotoday

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට මන්ත්‍රීවරු අත්සන් තබයි !

colombotoday

‘ආමි සුරංග’ගේ ඝාතනය: පොලිස් නිලධාරීන් 03ක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක යළිත් අරී….

Admin

කොලොන්නාවේ පවුල් 18000ක් තවමත් අවතැන්.. ඔබේ උපකාර අවශ්‍යයි

colombotoday