Colombo Today Local News

ජාතීන් අතර ගැටුම් ඇවිලවීමට උත්සහා කරන අන්තවාදීන්ට වහාම දඩුවම් දෙන්න….

මෙහි දැක්වෙන්නේ හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියකි.

මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා වැනසූ පුද්ගලයාට වහා නිසිදඩුවම් ලබා දෙන්න.

පසුගිය දිනක මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුද්ධ ප්‍රථිමා වනසා දැමූ පුද්ගලයෙකු තවත් එවැනි පිළිමයක් වනසා දමන්නට තැත් කරන්නට යෑමේ දී හසුව පොලිසිය වෙත භාර කළ පුවතක් මාධ්‍ය ඔස්සේ අනාවරණය වී තිබුණි.

ඉනික්බිතිව ප්‍රදේශවාසීන් විසින් හා ගරු ස්වාමින් වහන්සේලා අප වෙත එකී තරුණයා මුදා හැරීමට අවශ්‍ය කටයුතු පොලීසිය විසින් සකස් කරන්නේ යැයි චෝදනා ඉදිරිපත් කොට තිබේ.

සමස්තයක් ලෙස ගත් කල්හි රටක් ලෙස සමගියෙන් සහජීවනයෙන් ජීවත්විය යුතු මොහොතක මෑතකාලීනව සිදු වූ විවිධ කළහකාරී සිද්ධීන් හමුවේ විවිධ ජනකොටස් අතර ඇති වී ඇති නොසන්සුන්තාවයන් ද සැලකිල්ලට ගනිමින් වගකිව යුතු අංශ හා රටේ නීතිය හා සාමය සුරැකීමේ වගකීම ඇති ඔබතුමන් වහා මෙකී ක්‍රියාවලියේ දී වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කළ යුතුව ඇතැයි තරයේ විශ්වාස කරමු.

ඉතා සුළු කණ්ඩායමක් සිදු කරන සිදුවිම් වලින් සමස්ථ ජන කොටස් අතරම ජනවාර්ගික  හා ආගමික ගැටළු ඇති විමට හේතුවන්නේය.

මීට වසර කීපයකට පෙරද මෙවැනි සිදුවිම් මාවනැල්ල ආශ්‍රිත සිදු වු බව අප සිහි තබා ගත යුතය. එහි දී බුදු පිළිම පමණක් නොව ජිවිත ද විනාශ විය. මෙම බුද්ධ ප්‍රතිමා විනාශ කරන ලද්දේ ද මුස්ලිම් තරුණයෙකුවීම සුවිශේෂි කාරණයකි.

රටේ නීතිය හා සාමය කඩකරන්නවුන්ට වහා දඩුවම් පමුණුවන්නටත් නැවැත එවැනි ක්‍රියා සිදුනොවන්නට වග බලාගන්නටත් කටයුතු කළ යුතුය. මාවනැල්ල බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමේ සිදුවීම එක් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ක්‍රියාවක් බැවින් ඒ තුළින් සමස්ත සමාජය තුළ කිසියම් ආකාරයකින් ජාතීන් අතර ගැටුමක් දක්වා වර්ධනයවීම වැළැක්වීමටත්, මෙම පුද්ගලයන්ට විරුද්ධව නීත්‍යානුකුලව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඔබතුමන් හා ආරක්ෂක අංශ වහා මැදිහත්වනු ඇතැයි දැඩි ලෙස විශ්වාස කරමු.

බුදුගල ජිනවංස හිමි
සභාපති

Related posts

ප්‍රියන්ත කුමාරගේ දේහයේ කොටස් නිවසට රැගෙන එයි

colombotoday

“අමරවීර-දුමින්ද ලේකම්ධුරවලින් ඉවත් කරන්න” – ශ්‍රීලනිප 16 කණ්ඩායම ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

පස්වරු 4 වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 60 ඉක්මවයි

colombotoday

ජවිපෙ නායකයා අයර්ලන්තයේ සුපිරි සවාරියක.. කොටි හිතවතෙකුගේ සැප හෝටලේ නවාතැන්

colombotoday

ඇමති රිෂාඩ් – හිටපු ඇමති බැසිල් අධිකරණයට කැදවයි

colombotoday

බලශක්ති ක්ෂේත්‍රය අහිමි වීමේ අවදානමක්… සිපෙට්කෝ ඉන්ධනහල් විකිණෙයි

colombotoday