Colombo Today Local News

සබන් කියා බේතින් බාර් විකුණා පාරිභෝගිකයින් මුලා කිරීම! අපිට නොදැනි අපි විකිණෙන අමුතු රටක් මේක !

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

සබන් කියා බේතින් බාර් විකුණා පාරිභෝගිකයින් මුලා කිරීම! අපිට නොදැනි අපි විකිණෙන අමුතු රටක් මේක!

ඈත අතීතයේ සිටම මිනිසා ශරීරය පිරිසිදු කර ගැනීම සදහා සබන් භාවිතා කර ඇත. ඒ නිසාම බොහෝ පාරිභෝගිකයින් පුරුදුවී ඇත්තේ කඩේට ගොස් ඇගේ ගාන සබන් කැටයක් ඉල්ලීමටය නැතහොත් සබන් කැටයක් මිලදී ගැනීමටය. එහෙත් වර්තමානයේ පාරිභෝගිකයින් සබන් කියා මිලදී ගෙන ඇගේ ගාන්නේ සබන් නොව බේතින් බාර්ය.

අධික ලාබ ලබා ගැනීම සඳහා මහාපරිමාණ සමාගමක් විසින් සබන්වලට කෘත්‍රිම රසායනික සංයෝග එකතුකර බේදින් බාර් යන කාණ්ඩය යටතේ සබන් වලට වඩා මිළෙන් අඩු සබන් වැනි වූ සේදුම්කාරකයක් සඳහා SLS ප්‍රමිතියක් සකස්කරවා ගෙන ඇත.

ලංකාවේ වලංගු ප්‍රමිතීන්ට අනුව ඇ‍ඟේ ගාන සබන් කැටයක් ලෙස හැඳින්වීම සදහා TFM (Total fatty matter ) අගය 76.5% ට වඩා වැඩි විය යුතුය.  TFM අගය 76.5% ට වඩා අඩු නම් එම නිෂ්පාදනය සබන් කියා හැඳන්විය නොහැක. ඒවා බේදින් බාර් (Bathing Bar)ලෙස හඳුන්වයි.

අප සබන් කියා ඇ‍ඟේ ගාන බේදින් බාර් කැටයක අඩංගු TFM  අගය 40% ක් දක්වා අඩු විය හැකිය. අපි රෙදි සේදීමට ගන්නා කෘතිම සේදුම් කාරක අඩංගු නැති සබන් කැටයක TFM අගය 59% කි. බේදින් බාර්වල කෘත්‍රිම සේදුම්කාරක කොටස සඳහා එක් මහා පරිමාණ සමාගමක් විසින් ලොව පුරා රෙදි සෝදන කුඩු සහ පිඟන් සෝදන දියර සෑදීමට ගන්නා සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට් – Sodium Dodecyl  Benzene Sulfonate (SDBS) නැමති කෘත්‍රිම සේදුම් කාරකය එක්කර ඇත.

එම SDBS නැමති කෘත්‍රිම සේදුම් කාරකය ඇඟ ගල්වන නිෂ්පාදනවලට යෙදීමෙන් ඇස්වලට සහ සමට හානි සිදු විය හැකි බව පරියේෂණ මගින් ඔප්පු වී ඇත.

එසේ වුවද ලංකාවේ ඇති නීතිවල හිඩැස් වලින් රිංගා යන ඇතැම් මහා පරිමාණ සමාගම් SDBS  යෙදූ බේදින් බාර්, සමට සුමුදු සබන් යයි කියා අපට අලෙවි කරමින් සිටී. අපව නොමග යවමින් සිටී.

අද වන විට ජනගහණයෙන් වැඩි කොටසකට කුමක් හෝ චර්ම රෝගයකි. කණ්නාඩි පළඳින කුඩා ළමුන් පවා වැඩි වෙමින් පවතී. එවැනි කූට සමාගම් විශාල ලාභ සඳහා පාරිභෝගික අපිව නොමග යවා අපව ලෙඩ රෝග වලට නිරාවරණය කරමින් සිටී.

ජනතාව බහුජාතික සමාගම් වලින් පීඩා විදිද්දී පාලකයින් මර නින්දේය. රෝග නිධානයට පිළියම් නොකරන ඔවුන් රෝගයට පිළියම් සොයයි. පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව සෑම වසරකම දෙගුණයක් වෙද්දී පාලකයින් පිළිකා රෝහලේ නම වෙනස් කළේය. තවත් පිළිකා රෝහල් සෑදීම සදහා යෝජන කළේය. ජනතාවට දැන් තිබෙන දැවෙන ප්‍රශ්ණය නම් වස විස තොර  ආහාර ලබා ගැනීම හා විසෙන් තොර සබන් සහ ආලේප ලබා ගැනීමට ඇති නොහැකියාවයි. එහෙත් පාරිභෝගිකයා වැඩි ඇල්මක් දක්වන්නේ දේශපාලනයටය. කරන්නට දෙයක් නොමැත. අපට කීමට ඇත්තේ “අපිට නොදැනි අපි විකිණෙන අමුතු රටක් මේක” යන්න පමණකි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

රියාජ් බදුර්දීන් නිදහස් කිරීම යුක්ති සහගත නෑ. නීතිපතිවරයා CID යට මාසයක් කල් දෙයි. මගහැරී විමර්ශන ගැනත් කියා දෙයි.

colombotoday

තලතා කෝට්ටේ සංඝ සභාවට විනය උගන්වන්න යයි.. අඹ කෝ ඇහුවම දෙල් පෙන්නයි

colombotoday

ආර්ථිකයට දායකත්වයක් දක්වන සතුන් ගැන සංගණනයක් කරන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

colombotoday

මහනුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක

Admin

දිවුරුම් දීම සූදානම්… එජාප මන්ත්‍රීලා ජනපති කාර්යාලයට එති…

colombotoday

මංගලගේ බියර් සහනයේ ප්‍රතිඵල නිකුත් වේ.. මෙරට බියර් භාවිතය 12%කින් ඉහළට..

colombotoday