Colombo Today Local News

ජාතික තව්හීත් ජමාත් කල්ලියේ සාමාජිකයෙක් කටුනායකින් අත්අඩංගුවට

ජාතික තව්හීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ තවත් සාමාජිකයකු රටින් පලා යාමට උත්සහ  කිරීමේ දී  ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ලේ පදිංචිකරුවකු වන සෙයින් අන්සාර් මොහොමඩ් නැමැත්තා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම සැකකරු  නුවරඑළියේ   තව්හීත් ජමාත් සංවිධාන පුහුණු කඳවුරේ දේශන වලට සම්බන්ධ වී ඇති  පුද්ගලයකු බවත්  මොහු සම්බන්ධයෙන්  ත‍්‍රස්තාවාදී විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වමින්  සිටින අතරේ මොහු සිය ගම් ප‍්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි ඇති බවද  රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම සැකකරු රටින් පලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටින බවට ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට ලැබුණ තොරතුරු අනුව එම පොලිස් කණ්ඩායමක් එහි රැක සිට මොහු අත්අඩංගුවට ගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

සැකකරු අත්අඩංගුවට පසුවන අවස්ථාවේ ඔහු ජපානයට යාමට සුදානමින් සිට ඇත

Related posts

පරිපාලන නිලධාරිනියක් පිහි ඇනුමකින් මරුට

colombotoday

දින 37 ක් හුදකලා කර තිබූ අකුරණ සහ බේරුවල යළි විවෘත කරයි

colombotoday

සියළුම සංවර්ධන ව්‍යාපෘති ඇමරිකානු සමාගමකට – ඇගමැතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

පොහොර හිඟයට හේතුව යහපාලනය පොහොර ආනයනකරුවන්ට මුදල් නොගෙවීමයි

colombotoday

රාජකාරිය කරන්න ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදීමක්

Admin

“ඔබේ ජයග්‍රහණයෙන් දේශීයත්වය පදනම් වු පාලනයකට ඇති නව නැඹුරුතාවය පෙන්වනවා” බ්‍රිතාන්‍ය අගමැතිට සුභපතමින් ජනපති කියයි.

colombotoday