Colombo Today Local News

ජාතික ආරක්ෂාව හා උතුරේ මියගියවුන් සැමරීම ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්…

රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ත්‍රීවිධ හමුදාව ශක්තිමත් බව යුධ හමුදාපති ලුතිතන් කමාන්ඩර් මහේෂ් සේනානායක මහතා අවධාරණය කර සිටී,

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඇතැම් සිද්ධින් පිළිබද එල්ල වන චෝදනාවන් සම්බන්ධයෙන් අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් කළ වීමසිකට පිළිබතුරු දෙමින් යුධ හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රටේ ආක්ෂාව තහවුරු කිරිමේ වගකීම ත්‍රීවිධ හමුදාව සතු බවද යුධ හමුදාපති මහේෂ් සේනායක මහතා සදහන් කලේය.

උතුරේ පැවැත්වීමට සූදානම්වන “මහවිරු“ සැමරුම් ගැනද යුද හමුදාපතිවරයා මෙහිදී අදහස් දක්වා සිටියේය.

ජනතාවට අපහසුතාවක් නොවන ආකාරයට මියගියවුන් සැමරීමට නිදහස ඇති බවත්, එසේ සැමරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජණයක් නොවන බවත් හෙතෙම අවධාරණය කර සිටියේ ය.

Related posts

උඩ වලවේ වෙඩි හුවමාරුවක්

colombotoday

පරණ ලාෆ් ගෑස් සිලින්ඩර යළි භාරගනියි

colombotoday

පාස්කු සිද්ධියේ වන්දි ගෙවූ හැටි ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin

රූං පෙත්ත කැරකෙනවා. බත් පිගාන උඩයනවා. රනිල් අපිට සුරංගනා කතා කියනවා.

colombotoday

පවතින නීති මෘදු වැඩියි.. දඬුවම් සංශෝධනය කළ යුතුයි- ආරක්ෂක ලේකම්

colombotoday

ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් අද රැස්වේ

colombotoday