Colombo Today Local News

ජාත්‍යන්තර ගිවිසුමකින් ඉවත්වීම පහසු කටයුත්තක් නොවේ- අගමැති මහින්ද

දේශීය සම්පත් විකුණා දැමීමේ පරමාර්ථය හැර වෙනත් කිසිදු පරමාර්ථයක් පසුගිය රජයට නොතිබූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහියංගනය ප්‍රදේශයේ පැවති ජනහමුවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

එසේම ජාත්‍යන්තර ගිවිසුමකින් ඉවත්වීම පහසු කටයුත්තක් නොවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා අපහසුතා මධ්‍යයේ වුවද රටේ සම්පත් අනාගත පරපුරට හිමිකර දීමේ සටන අත් නොහරින බව ද පැවසීය.

ජාත්‍යන්තර ගිවිසුම් මගින් රටට අහිමි කළ සම්පත් අනාගත පරපුරට නැවත හිමිකර දීම සිය අදිටනක් යැයි ද එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මහියංගනය ඇතුළු රට පුරා ගොවි නිෂ්පාදන වැඩි කර, දේශීය වෙළෙඳපොළ අවස්ථා උදාකර දීම මගින් ගොවි ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

දේවස්ථානයේ බෝම්බයක් තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවසේ ආයුධ ගබඩාවක්

colombotoday

ගිය වසර 2 1/2 ට රජයේ ණය බර බිලියන 2773 කින් ඉහළට !

colombotoday

ආණ්ඩුව දැන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනවා…

colombotoday

කොළඹට පැය 28 ක ජල කප්පාදුවක්

colombotoday

විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ට රක්ෂණයක්

colombotoday

අමරවීර ඉවත්වීමට සූදානම්… 16 කණ්ඩායමේ පිරිසක් නැවතත් ආණ්ඩුවට…

colombotoday