Colombo Today Local News

ජය ශ්‍රී මහා බෝධිය ඉදිරියේ සිදු කළ මහා මිනිස් සංහාරයට අදට වසර 35ක්

මැයි මස 14 වෙනිදා වන අද වැනි දිනයකදී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඉදිරියේදී එල්ටිටිඊ සංවිධානය විසින් සිදු කළ මහා මිනිස් සංහාරය සිදුවී අදට වසර 35ක් ගත වෙයි.

අනුරාධපුරය නගරයේ බස් නැවතුම්පළට කඩා වැදුණු කොටි ත්‍රස්තයින් පළමුව එහි සිටි මගීන්ට වෙඩි තබා ඝාතනය කොට එහි නවතා තිබු ලංගම බස් රථයක් පැහැර ගෙන ජය ශ්‍රී මහා බෝධිය දක්වා ගමන් කර තිබුණි

එලෙස පැමිණි ඔවුන් ජය ශ්‍රී මහා බෝධිය අසල ආගමික වතාවත් වල යෙදී සිටි භික්ෂුන් වහන්සේලා ඇතුළු සැදැහැවතුන් 80 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කොට යලි පළා ගියේ විල්පත්තුව අභය භූමියටයි.

විල්පත්තුව අභය භූමියද ලෙයින් තෙත් කළ කොටි ත්‍රස්තවාදීන් එහිදී වනජීවී නිලධාරීන් ඇතුළු සාමාන්‍ය වැසියන් 18 දෙනෙක් ඝාතනය කරනු ලැබුඅතර
කොටි ත්‍රස්තවාදීන් විසින් සිය ඊළාම් සිහිනය කරා යන ගමනේදී තම බල ප්‍රදේශයෙන් පිටතදී සිදුකළ පළමු ප්‍රහාරය මෙයයි.

එමෙන්ම මෙම ප්‍රහාර තුනේදී ජිවිතක්ෂයට පත්වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 146ක් බවයි වාර්තා වෙයි.

Related posts

මාලිමා ලයිස්තුවල පවුල් පාලනේ පිරිලා

Admin

කුරුඳු සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන්න කැබිනට් අනුමැතිය

Admin

පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා කෝටි 22ක වැටලීම්

Admin

අපි ඉපදුන කාලයේ ජපානය එක්ක හිටියේ. අද අපි ඉන්නේ ඇෆ්ගනිස්ථානය එක්ක. – රනිල් වික්‍රමසිංහ

colombotoday

සාමාන්‍ය පෙළ අසමත් නියෝජ්‍ය පොලිස්පති අහුවෙයි – සහතිකත් හොරට හදලා

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන තැන්

colombotoday