Colombo Today Local News

වැඩි වු විදුලි බිල්පතට සහනයක්

කොවිඩ් – 19 වෛරස ව්යාප්තිය හේතුවෙන් සියළුම ජනතාව නිවාසවල රැඳි සිටි කාල සීමාව තුළ එම ජනතාවගේ පහසුව සඳහා අඛණ්ඩව විදුලි සම්පාදනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කළ බවත් ඒ් සම්බන්ධයෙන් රටේ සියලු දෙනාගේ කෘතඥතාව ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු කාර්ය මණ්ඩල වෙත හිමිවිය යුතු බව විදුලි බල බලශක්ති හා ප්රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඊයේ (13) දින පසුවරුවේ විදුලිබල අමාත්‍යශයේ පැවැති රැස්වීමක දී අමාත්‍ය වරයා මේ බව කියා සිටියේය. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ඇඳිරි නීතිය පැවැති, මාර්තු හා අප්‍රේල් මාසවලට විදුලි බිල්පත් නිකුත් කිරීමේ දී ඇතැම් ස්ථානවල මතුව ඇති ගැටළුකාරි තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.

පසුගිය මාර්තු 20 වන දින සිට රටතුළ උද්ගත වූ තත්ත්වය හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් සඳහා මාර්තු සහ අප්‍රේල් මාස වලට අදාළව විදුලි බිල්පත් නිකුත් කිරීම නතර වූ අතර මේවන විට නැවතත් විදුලි පාරිභෝගිකයන් සඳහා බිල්පත් නිකුත් කිරීම ආරම්භ කර ඇත. මෙහිදී සෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගම වෙත උපදෙස් ලබා දී තිබේ.

කෙසේ නමුත් සමහර ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මඟින් තනි බිල්පතක් මාර්තු, අප්‍රේල් මාස දෙක සඳහා විදුලි බිල්පත් නිකුත් කර ඇති බව වාර්තා වන අතර එම තත්ත්වය වහාම නිවැරදි කිරීමට අමාත්යවරයා විසින් ලංකා විදුලි බල මණ්ඩලයට හා ලංකා විදුලි සමාගමට උපදෙස් ලබා දුන්නේය.

Related posts

චීන – ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ !

colombotoday

කොම්පියුටර් අස්සෙ සගවා ගෙනා විෂ කටුස්සෝ…

colombotoday

චන්දන ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

චම්පිකට විජයමුණිට එජාප සංවිධායක ධුර

colombotoday

නගරාධිපතිට කේක් කැපීමට ආරාධනා කළේ මමයි. ස්ථාන මාරුවටත් සූදානම් – නගරදිපති බේරමින් කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි කියයි

colombotoday

ඕමන්තේ හමුදා මුරපොලේ ඉඩමට අලුත් අයිතිකාරයෙක් එයි.. හමුදාවට වහාම පිටවෙන්න කියයි !

colombotoday