Colombo Today Local News

ජනාධිපති ධුරයට සුදුසු සිරිමාවෝ, චන්ද්‍රිකා වැනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් පමණයි – වෙල්ගම

ජනාධිපති ධුරයට තමන් අකමැති බවත් සියලු බලතල එකම අයෙකුට පැවරෙන එවැනි ධුරයකට පත්විය යුතුව ඇත්තේ සිරිමාවෝ මැතිණිය, චන්ද්‍රිකා මැතිණිය වැනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

මිල්ලනිය, ගල්පාත පුරාණ රජමහා විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ “ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට මම සූදානම්” යනුවෙන් සිදුකල ප්‍රකාශය සම්බන්ධවය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ගෝඨාභයගේ ප්‍රකාශයත් සමඟ චමල් රාජපක්ෂ සහ දයාසිරි ජයසේකරත් “ජනාධිපති අපේක්ෂකත්වයට මම සූදානම්” කියමින් ප්‍රකාශ නිකුත්කළ බවත් මේ වන විට එම ප්‍රකාශය විහිළුවක් බවට පත්ව ඇති බවය.

එසේම ජනාධිපතිවරයාට කිසි විටෙකත් තමා කැමැති නැති බවත්, ජනාධිපතිවරයෙකුට විශාල බලතල අවශ්‍ය නොවන අතර පාර්ලිමේන්තුවට බලය ලබා දිය යුතු බවත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය.

Related posts

නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවේ

colombotoday

එජාපයෙන් ඉවත් කළ පළාත් පාලන සභිකයින් වෙනුවට නව සභිකයින් කිහිපදෙනෙක් අද දිවුරුම් දෙයි

colombotoday

ඩයනාගේ පැටිකිරිය ඉක්මනින් සොයන්න අධිකරණයෙන් නියෝග

Admin

“ආණ්ඩුව ෆේස්බුක් තහනම් කරන්න යනවා.. ෆේස්බුක් රැකගන්න එන්න” රනිල් තරුණයන්ට කියයි (Video)

colombotoday

ආණ්ඩුව ගෝඨාට බය වෙලා

colombotoday

13-14 රටපුරා සුරාසැල් වැසෙයි

Admin