Colombo Today Local News

බොරුව ඇත්තකර කියපු සමන්ත විද්‍යාරත්නට ඌව මහඇමති මිරිස් අබරයි

මුදල් වංචා කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් මන්ත‍්‍රීවරයෙකු වන සමන්ත විද්‍යාරත්න මහතා කළ චෝදනාවකට ඔහු ඉදිරිපිටදීම ඌව මහඇමති චාමර සම්පත් දසනායක මහතා ඊයේ (18) පිළිතුරු ලබාදුන්නා. ඒ, සමන්ත විද්‍යාරත්න මහතාට ශාප වන ලෙස දෙවියන් ඉදිරියේ මිරිස් අඹරා පොල් ගසන බවද පවසමින්.

ඌව මහඇමති චාමර සම්පත් දසනායක මහතා අදාළ මුදල් වංචාව සිදුකර තිබෙන්නේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීමේ ව්‍යාපෘතියකදී බව සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියා.

අනුග්‍රාහක මුදල් පළාත් සභාවේ පොදු ගිණුමකට බැර කරනවා වෙනුවට තමන්ගේ පෞද්ගලික ගිණුමකට බැර කරගැනීමෙන් මහඇමතිවරයා මෙම වංචාව සිදුකර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
බදුල්ල රිදීමාලියද්ද මහා විද්‍යාලයේ ඊයේ (18) පැවති උත්සවයකදී ඌව මහඇමති චාමර සම්පත් දසනායක මහතා මීට ප්‍රතිචාර දැක්වූවා.

Related posts

රන්ජන් රාමනායක අද අධිකරණයට

colombotoday

රු. බිලියන 90 කට අධික මුදලක් රජයට අහිමි වී ඇතැයි පැවසෙන විදුලි බල ගනුදෙනුව ගැන වාර්තාවක් කැඳවයි

colombotoday

මහ ජන ගඟක් කොළඹට ඇදෙයි.. ජන සටන රැළිය ලිප්ටන් වටරවුමට !

colombotoday

කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා උතුරේ හර්තාලයක් – කඩසාප්පුත් වසාදමයි

colombotoday

ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස නියෝග කඩ කල බවට පොලිසිය මුලතිව් අධිකරණ කරුණු වාර්තා කරයි

colombotoday

අති දුර්ලභ ‘ඒකනයිට්’ මැණිකක් වැලිමඩින් මතුවෙයි

colombotoday