Colombo Today Local News

ජන්දේ දාන ජායාරූප දාන්න එපා – මැතිවරණ කොමිසමේන් අවවාද

ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීම ඡායාරූපගත කිරීම හෝ වීඩියෝගත කර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුදාහැරීම පිළිබඳව පවතින නීතිමය තත්ත්වය පැහැදිළි කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (05) ඡන්ද විමසීම දින ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කර හෝ වීඩියෝගත කර සමාජ ජාල ඔස්සේ මුදාහැරීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී ඇති බවයි දැනුම් දෙන්නේ.

එළෙස කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් එවැනි ක්‍රියාවලින් වැළකෙන ලෙස සියලු සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන් හා පරිපාලකයන් වෙත මෙයින් දැනුම් දෙන බවයි නිවේදනය කර සිටියි.

Related posts

බෝම්බ හදන ඩෙටනේටර් 7500ක් සමග උතුරේදී දෙන්නෙක් අල්ලයි

colombotoday

නොරොච්චෝලේ හැදුවේ නැත්තම් අද ජනතාව කලුවරේ – මහින්ද

colombotoday

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද පූර්ව භාග 10.17ට

Admin

MCC ගිවිසුම කොන්දේසියකින් තොරව ප්‍රතික්ෂේප කළ යුතු බව සමාලෝචන කමිටුව යෝජනා කරයි

colombotoday

රත්නපුරෙන් දමිතාට ටිපෙක්ස් පහර

Admin

නව උපාධිධාරීන් 5,450කට ගුරු පත්වීම්

Admin