පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ යෝජනාවකට අනුව ජනාධිපති, අගමැති ප්රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ‘සුහද කොකා’ චිත්‍රපටය එළැඹෙන (10දා) දින ප.ව 7.00 ට ප්‍රදර්ශනය කෙරේ.
ජනාධිපති, අගමැති ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනෙකුට එදින මෙම දේශපාලනමය විනෝදනාත්මක චිත්‍රපටය නැරඹීමට ආරාධනා කරන බව අමාත්‍යාංශය පවසයි.