Colombo Today Local News

ජනපතිගේ නියම ස්වරූපය එළිවුණා… ජාතික රජයේ අපෙක්ෂා විනාශ කරේ ඔහුයි – රාජිතගෙන් චෝදනා

පසුගිය සමයේ ගොඩනැගු ජාතික රජයේ සියලු අපේක්ෂා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස විනාශ කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

රාජිත සේනාරත්න පදනම විසින් සංවිධාන කළ තරුණ බල මණ්ඩල රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

වත්මන් රජයේ අඩුපාඩු පැවතිය ද පසුගිය සමයේ මෙන් සුදු වෑන් සංස්කෘතියක් නොමැති බවයි ඒ මහතා එහිදී සඳහන් කළේ.

මේ වනවිට උතුරු පළාතට විරෝධතා මෙන්ම උද්ඝෝෂන ද පැවැත්වීමට නිදහස උරුමවී ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ, එම තරුණ තරුණියන්ගේ අයිතීන් ලබාදීමට රජය පියවර ගත යුතු බවයි.

රජය බිහි කළ දිනයේ සිට එහි කටයුතු කළ පිරිස් ආණ්ඩුව විවේචනය කළ බවත් එය පසුගිය පළාත් පාලන මැතිවරණ පරාජය වීමට බලපෑ බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

පසුගිය දින 53 ක් පුරා මෙරට පැවැති දේශපාලන අර්බුදය තුළින් ජනාධිපතිවරයාගේ නියම ස්වරූපය මතු වූ බව පෙන්වා දුන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ කුමන බාධක පැමිණිය ද රටේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියටත් කටයුතු කරන බවයි.

Related posts

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

ආගමන විගමන රාජකාරි සීමා වෙයි

colombotoday

“ලෝකයේ කිසිම හමුදා කඳවුරක් පෙරහුරුවකදී පුපුරා නෑ” ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය ගැන හමුදාව කියයි

colombotoday

වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක්

colombotoday

75 වන නිදහස් සැමරුමට වැය වූ මුදල ප්‍රකාශයට පත් කරයි

Admin

කොළඹට ඇතුළු වූ බෝම්බ ලොරිය යැයි සකකළ ලොරිය අල්ලයි…

colombotoday