Colombo Today Local News

ජනපති අලුත් ගමනක් යද්දී පොහොට්ටු මන්ත්‍රීලා සුපුරුදු ගමනේ !

” ඔබතුමා හෙට ළමයා ගන්න ඕනෑ. අපි දන්නවා හැමෝගෙම කෙරුවාවල් මොකද්ද කියන එක , මෙතන ඕවට ලෑස්තිවෙන්න එපා ” යැයි රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන සිල්වා  ගාල්ල වදුරඹ විද්‍යාලයේ විදුහල්පතිවරයාට බලපෑම් කරන සිද්ධියක් වාර්තා වේ.

මේ මම ළඟ ඉන්න නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයාද තමන් ළමයි 4ක් 5ක් පමණ මහින්ද විද්‍යාලයට ඇතුළත් කළ බවත් ඔය ළමයා ගත්තා කියලා ඔබතුමන්ගේ රැකියාව නැතිවන්නේ නැති බවත් එහිදී සඳහන් කර තිබේ.

ගාල්ල වඳුරඹ විද්‍යාලය අසල වාසය කරන දරුවෙකු එම පාසලට ඇතුළත් නොකර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්නයක් මතුවූ අතර එහිදී විදුහල්පතිතුමා ප්‍රකාශ කළේ තමා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිතුත්කල චක්‍ර ලේඛන වලට පරිබාහිරව කිසිදු ළමයෙකු පාසලට ඇතුලත් කොට නොමැති අතර චක්‍ර ලේඛන වලට පිටින් තමාට වැඩ කිරීමට නොහැකි බවයි.

මෙම සිදුවීම සිදු වී ඇත්තේ බද්දේගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය. 

Related posts

මන්කිපොක්ස් මෙරටටත් පැමිණිය හැකියි..

colombotoday

මහින්ද සහ රනිල් අතර හමුවක්

colombotoday

අයෙකුට කිලෝ 5යි සහල් අලෙවිය සීමා පනවයි

Admin

කතක් ඝාතනය කර යතුරුපැදියත් සමග ගෙවත්තක වළදාලා

colombotoday

රාජපක්ෂලාගේ ලැම්බොගිනී, රත්තරං අශ්වයෝ රට පටවලා.. කොටසක් හංගලා – නි. ඇමති අජිත්

colombotoday

මෛත‍්‍රි-සජිත් හමුව ගැන විශේෂ මාධ්‍ය නිවේදනයක් !

colombotoday