Colombo Today Local News

ජනපති මෛත්‍රිගෙන් පාරිභෝගිකයාට කිසිදු සෙතක් නෑ. – පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය


2015 වසරේ සිට මෙරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන වර්තමාන ජනාධිපතිවරයාගෙන් මෙරට පාරිභෝගිකයාට කිසිදු සෙතක් සැලසුනේ නැති බව කණගාටුවෙන් වුවද පැවසිය යුතුව ඇති බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

“භාණ්ඩ මිල පාලනය කිරීම,ගුණාත්මක භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් නියෝග පමණක් නිකුත් කළද ඒවා නියෝග වලට පමණක් සීමාවී තිබේ. තවද මතට තිත සංකල්පය පුස්සක් බවට පත් කරමින් පාසැල් අවට පවා සුරාසැල් විවෘත කර තිබුනද ජනාධිපති කාර්යය සාධක බලකාය සුව නින්දේය.”

“ගොවි මහතෙකුගේ පුතකු වන ජනාධිපතිවරයා මෙරට ජනතාවට තුන් වේලම බත් කෑමට පවා අවස්ථාවක් සලසා නැත. තවම මෙරට විශාල සහල් සහල් මාෆියාවක් ක්‍රියාත්මක වේ.”

“ජොකියන් මාරුකරමින් ගමනක් යාමට සැරසෙන ජනාධිපතිවරයාට අප පැහැදිලිව කියන්නේ මෙරට පාරිභෝගිකයන්ට දැනෙන සහනයක් සැලසීමට කටයුතු නොකලහොත් ජොකියන් මාරැකලාට ඵලක් නොමැති බවයි.
වැඩකුත් නැති හානියකුත් නැති අයට ගමේ භාෂාවෙන් කියන්නේ පතෝල යන් කියාය. ඒ පතෝලවල ගුණයක් හෝ අගුණයක් නොමැති බව ගැමියන්ගේ අදහසවන නිසාය. එය එසේම නම් පතෝලයන්ගෙන් රටට වැඩක් නැත. පාරිභෝගිකයින්ට වැඩක් නැත.”

“ජනාධිපතිතුමනි දැන්වත් පාරිභෝගිකයින්ට දැනෙන ලෙස සහන සැලසීමට කටයුතු කරන්න.”

Related posts

නව ව්‍යවස්ථාවකට මෙය උචිත අවස්ථාව නොවේ – රෝහණ මහා සංඝ සභාවත් නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරයි…

colombotoday

ජනපති කඩුව වනයි.. කැපෙන්නේ කවුදැයි ඉගි කරයි !

colombotoday

කුරාණය ප්‍රශ්න කරන්න ආවොත් ඊළගට කරන දේ මන්ත්‍රී මුජිබර් කියයි (Video)

colombotoday

ජනපති සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවයි – ජාජබ සමුළුවට සහභාගී වෙන්නේ නැහැ

Admin

හුදකලා ප්‍රදේශ නිරීක්ෂණයට ඩ්‍රෝන යානා

colombotoday

රටම බලා සිටි ‘Neverska Lady’ ශ්‍රී ලංකා මුහුදු සීමාවට සේන්දු වෙයි..

colombotoday