Colombo Today Local News

ජනපති පුත් දහමට විරුද්ධ මඩ මෙහෙයුම දියත් කලේ එජාපයදැයි සොයන්න CID යොදවයි

daham-sirisena-pic-from-his-facebookපසුගිය සෙනසුරාදා (08 ) අලුයම කොළඹ Clique රාත්‍රී සමාජ ශාලාවේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ හා සමහර පුවත්පත් වල පළවූ වාර්තා ආණ්ඩුවේම පාර්ශවකරුවන්ගේ දේශපාලන මෙහෙයුමක් මත සිදුව ඇත්දැයි සොයා බලා වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා බුද්ධි අංශවලට දැනුම්දී ඇතැයි වාර්තාවේ.

එජාපයට සම්භන්ධ පිරිසක් මෙලෙස මාධ්‍ය මෙහෙයුමක් දියත් කරන බව පළමු වරට සිද්ධිය සිදුවූ දිනට පසුදා අප වෙබ් අඩවිය හෙළිකරන ලදී.

ජනාධිපතිවරයා විදේශගතව සිටියදී, ආණ්ඩුවේ ප්‍රධානියකුට ඥාති සම්බන්ධතා ඇති පුවත්පතක් හා විද්‍යුත් මාධ්‍යයක් මගින් ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබු බවට ජනාධිපතිවරයා වෙත වාර්තාවීමත් සමග එම දැනුම් දීම සිදුකර ඇතැයි පැවසේ.

ජනපති පුත් දහම් සිරිසේන මහතා සහ ජනාධිපති ආරක්ෂක අංශක සාමාජිකයන් මෙම ගැටුමට මුල්වූ බවට පසුගියදා වාර්තා පළවිණ.

එම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසිය.

Related posts

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන එකම කාන්තාව

colombotoday

මීතොටමුල්ලේ මරණ 19 දක්වා ඉහළ යයි.. සාගලට, මරික්කාර්ට විරෝධය

colombotoday

හදුන්නෙත්ති යළිත් කෝප් සභාපති ධුරයට…

colombotoday

මිළ කළ නොහැකි ඉපැරණි ඖෂධ වට්ටෝරු නොමිළේම ඇමරිකාවට !

colombotoday

මෙරට එන්නත්කරණය ජාත්‍යාන්තර පැසසුමට

colombotoday

සගවාගෙන සිටි ගෑස් සිලින්ඩර් තොගයක් වටලයි

colombotoday