Colombo Today Local News

චෛත්‍යයට නැග ඡායාරූප ගත් සිසුන් අටදෙනා අත්අඩංගුවට

හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යක් මතට නැග ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හළ තරුණයන් 8 දෙනෙකු අම්පාර සහ අක්කරෙයිපත්තු ප්‍රදේශයේදී අද (23) සවස අත්අඩංගුවට ගත් බව  හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් 8 දෙනෙකුය.ඔවුන් කල්මුණේ, ගම්පොල ,කුලියාපිටිය, හොරොව්පොතාන, පුත්තලම, එරාවුර්, ඔට්ටමාවඩිව් යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් හොරොව්පොතාන කිරලාගල පිහිටි ඉපැරැණි නටඹුන් සහිත පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යය මතට නැග තරුණයන් දෙදෙනකු විසින් ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවි වලට මුදා හැර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා කිරලාගල කලාප භාර පුරාවිද්‍යා නිලධාරි සුමිත් බංඩාර රත්නායක මහතා විසින් ඊයේ (22) සවස හොරොව්පොතාන පොලිසියට පැමිණිලි කර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට (24) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී

colombotoday

අද රාත්‍රී 8 සිට සදුදා උදේ 5 තෙක් මුළු දිවයිනටම ඇඳිරිනීතිය

colombotoday

කොම්පඤ්ඤවීදියේ කර්මාන්ත ශාලාවකින් අසාමාන්‍ය කොවිඩ් ප්‍රභේදයක් ආසාදිතයෙකු හදුනා ගනී

colombotoday

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

Admin

“අවුරුදු පහකට බලයට ආපු මිනිහට අනාගත පරම්පරා විස්සක් තිහක් උකස් තියන්න බෑ” – විජයදාස නැවත හඬ අවදිකරයි

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පත්කර ඇත්තේ කොටි හිතවාදී NGO පරපුටුවන් – විජේදාස MPO කාර්යාලය පතුරු අරී

colombotoday