ලොව පුරා කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව එක්කෝටි අනු පන් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.
ඊයේ (07) දිනයේ හඳුනාගත් නව රෝගීන් 283,009 දෙනා ද සමගින් ලොව පුරා සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 19,545,329ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
කොවිඩ්-19 ආසාදනය වීමෙන් ලොව පුරා පුද්ගලයින් 724,081 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.
කෙසේවෙතත් සමස්ත රෝගීන්ගෙන් 12,545,630 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇත.