Colombo Today Local News

ගුරු-විදුහල්පතිවරුන් හෙට වැඩවර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු – විදුහල්පති සංගම් හෙට වැඩවර්ජනයක නිරත වන බව ලංකා ගුරුසේවා සංගමය කියයි.

වැටුප් විෂමතාවය ඉවත්කිරීම,ගුරු විදුහල්පති වැටුප් වැඩිකිරීම, දෙමාපියන්ගෙන් මුදල් එකතුකිරීම වහා නැවතිවීම, අධයාපනය සදහා  06% ක් වෙන්කර ගැනීම සහ 29 දින ගුරු විරෝධතාවයට එල්ලකල පොලිස් ප්‍රහාරයට විරෝධය දැක්වීමක් වශයෙන් මෙම විරෝධතාවය පවත්වන බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

ලංකා ගුරුසේවා සංගමය, විදුහල්පති සේවා සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය, ශ්‍රි ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය, පුහුණු විද්‍යාපීඨ හා උපාදිධාරී ගුරු සංගමය, කතෝලික ගුරු සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ලංකා ස්වාධීන ගුරු සංගමය, පිරිවෙන් ගුරු සේවා සංගමය, සමස්ත ලංකා ගුරු උපාධිධාරී සංගමය, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය, ලංකා විදුහල්පති සංගමය ඇතුළු ගුරු විදුහල්පති කේෂත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති 30 ක් පමණ මෙම වැඩවර්ජනයට සහය පලකරමින් අසනීප නිවාඩු වාර්තා කිරිමට නියමිතයි.

Related posts

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

colombotoday

ගෝඨාගේ තීරණාත්මක තීන්දුව සවස 6ට

colombotoday

යුරියා සහ බණ්ඩි පොහොර නැව් දෙකක් කොළඹ වරායට

Admin

ඉදිරි මහ කන්නයට පොහොර සහ බීජ ලබාදීමට සූදානම් -ජනපති

colombotoday

මළවුන් වඳින සාලිට අපි බය නෑ. රජයෙන් අවසර දුන්නා, අපි ලොක්කව ලංකාවට ගේනවා – තව්හීද් ජමාත්

colombotoday

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට

Admin