Colombo Today Local News

ගැහුවොත් ගහනවා…

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන රජයට එරෙහි උද්ඝෝෂණයට කිසිදු බාධාවක් කිරීමට රජයේ පාර්ශ්වයේ සූදානමක් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය වෙන්කර තිබූ ක්‍රීඩාංගණ පහක බලපත්‍ර අවලංගු කර ඇති බවට කරන චෝදනාවද අමූලික බොරුවක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් අමාත්‍යංශයේ ඊයේ (4) සවස පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහත්මයා ජනප්‍රිය නායකයෙක්. ඔහුගේ ජනප්‍රියත්වය උපයෝගී කරගෙන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අහිංසක ජනතාව කොළඹට රැගෙන එන්නේ ඔහුට විරුද්ධව ඇති නඩුවලින් බේරෙන්නද?

මුදල් විශුද්ධිකරණය යටතේ නඩු පවරා ඇති නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ සීයක පුද්ගල ඇප මත අධිකරණය මගින් නිදහස් කළ අයෙක්. ඔහු හා ඔහුගේ ගෝලබාලයින් හිටපු ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වයට මුවාවී තමන්ට එරෙහිව ඇති චෝදනා වසන් කරගැනීමට උත්සාහ කරනවා.

කොළඹට ජනතාව ගෙන්වා ගත්තාට ප්‍රශ්නයක් නැහැ. එහෙත් එම ජනතාවට හිරිහැරයක් වී තිබුණොත් එහි වගකීම ඔවුන් බාරගත යුතුයි. ඒ වගේම ඒ අය අපට පහර දුන්නොත් අපිත් පහර දෙනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාද සහභාගි විය.

Related posts

වතුර නැති පාසල් 1000ක්… වැසිකිලි නැති පාසල් 1800 කට වැඩී

Admin

සතොසේ සුදුලූනු වංචාව : සැකපිට අත්අඩංගුවට ගත් පිරිසට ඇප

colombotoday

සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු දිවයිනට

colombotoday

වසර 5ක් තුල මන්ත්‍රීවරයෙක් ලෙස රු. තිස්කෝටි හැට දෙලක්‍ෂයක් උපයාගෙන. සජින් ද වාස්ට අධිචෝදනා භාරදෙයි

colombotoday

ඉතිරි ත්‍රස්තවාදීන් ආරක්ෂක අංශවලට බාරවෙන්න, අපි රජය සමග එක්වී පුණරුත්ථාපනය කරනවා – උලමා සභාව

colombotoday

මිළදී ගත්, ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday