Colombo Today Local News

ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසයි

කොරෝනා ආසාදිතයකු පැමිණි බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ගාල්ල ධීවර වරාය අද (03)දින උදෑසන සිට තාවකාලිකව වසා දමා තිබේ.

මෙලෙස වසා දැමීමට හේතු වී ඇත්තේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දොඩන්දූව පදිංචිව සිටි කොරෝනා ආසාදිතයකු යැයි ඊයේ (02)දින තහවුරු වූ ධීවර ව්‍යාපාරිකයකු පසුගිය දින කිහිපයේ ගාල්ල ධීවර වරායට විවිධ කටයුතු සඳහා පැමිණ තිබීමයි.

ගාල්ල ධීවර කමිටුවේ සභාපති පී.බී. ගාමිණී මහතා පවසන්නේ එම ධීවරය ව්‍යාපාරිකයා පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාදිමෙන් අනතුරුව වාර්තාව ලැබීමට පෙර ගාල්ල ධීවර වරායට පැමිණ ඇති බවයි.

ඔහු සම්බන්ධතා පැවැත්වූ ධීවරයන් පිළිබඳ තොරතුරු සෙවීමේ පහසුව සඳහාත් ධීවර වරාය විෂබීජහරණය කිරීම සඳහාත් මෙලෙස වසා දමා තිබේ.

ගාල්ල ධීවර වරාය කමිටුව පවසන්නේ මෙලෙස තාවකාලිකව ධීවර වරාය වසා දැමුවේ සෞඛ්‍ය අංශවල ඉල්ලීමකට නොව ධීවර සංගම් විසින්ම ස්වේච්ඡාවෙන් ගත් තීරණයකට අනුව බවයි.

විෂබීජහරණ කටයුතු අවසන් වූ වහාම වරාය යළි විවෘත කිරීමට නියමිතය.

Related posts

ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට ගුවන් හමුදාව යෙදවීමට යයි.

colombotoday

අගමැති නීතිවිරෝධී වැඩක… ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම අරලියගහ මන්දිරයට කැදවයි…

colombotoday

කෲඩියා සිලනිකා ඉවත් කරන්නේ නෑ.. මැදිකර අධිවේගය ඉදිකරනවා. – අමාත්‍ය සී. බී. රත්නායක කියයි

colombotoday

ඔරුමිත්තනාඩුවක් අවශ්‍ය දේශපාලනඥයින්ට දකුණේ සිංහලයින් සමග ජීවත්වීමේ අයිතියක් නෑ

colombotoday

දර්ගා නගරයේදී පහර කෑ සෞඛ්‍ය සේවකයන් රෝහලේ.. අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක කිරීම පොලීසිය කර අරී

colombotoday

මෙරට වරායන් සංවර්ධනයට යුරෝපීය නවීන තාක්ෂණික සහය බෙල්ජියමෙන්

Admin