Colombo Today Local News

කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක රාජකීය විද්‍යාලය ඉදිරිපිට යකා නටයි !!

‍කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද උදෑසන කොළඹ රාජකීය විද්‍යාලය ඉදිරිපිටදී එම විද්‍යාලයේ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි දෙමාපියන්ට බැණවැදී තර්ජණය කර ඇති බවට වාර්තා වනවා.

මහේස්ත්‍රාත්වරයා අද උදෑසන සිය දරුවා විද්‍යාලයට ඇතුළත් කිරීමට පැමිණි අවස්ථාවේදී ආරක්ෂාවට සිටි දෙමාපියන් එම රථය පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේදී මෙම සිදුවීම ඇතිවී තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව විදුහල්වල ආරක්ෂාව තහවුරු කිරීම සදහා කෝටා ක්‍රමයට දෙමාපියන් යෙදවීමට උපදෙස් ලැබී ඇති අතර, ඒ අනුව ආරක්ෂක කටයුතුවල යෙදී සිටි දෙමාපියන්ට මෙලෙස රංග දිසානායක මහතාගෙන් බාධා එල්ලවී තිබෙනවා.

මීට එරෙහිව එම දෙමාපියන් විසින් කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කිරීමටද කටයුතු කර තිබෙන බවට වාර්තා වනවා.

ජාතික ආරක්ෂාව අර්බුධයකට ලක්ව තිබෙන මෙවන් මොහොතකදී, නීතිය පසිදලීමට සිටින පුද්ගලයින්ගේ හැසිරීම මෙසේනම්, රටේ ආරක්ෂාව කෙලෙස නම් තහවුරු කරන්නට හැකිවේද ?

https://www.facebook.com/ColomboTodayOfficial/videos/360859364559603/

Related posts

බරපතළ මූල්‍ය අපරාධ වාර්තාවෙන් ප්‍රබල ඇමැතියකුට නඩු

colombotoday

පොලිසියට වෙට්ටු දාන්න ගිය කුරුඳු හොරා වහලෙන් වැටෙයි

Admin

මුස්ලිම් විවාහ නීති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට උලමා බලපෑම් කරති.

colombotoday

පොහොට්ටුවට ස්තුති කරමින් රනිල්ගෙන් දුක හිතෙන කතාවක්

Admin

සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් 6ක් මාට්ටු

colombotoday

විල්පත්තු වන රක්ෂිතයේ නියෝගයට එරෙහිව බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday