Colombo Today Local News

කොළඹ අපරාධ කොට්ඨාසය බන්ධනාගාරයට එයි. පාඨලීගේ අනතුර ගැන පූජිත්ගෙන් ප‍්‍රශ්න කරයි

රාජගිරිය ප‍්‍රදේශයේදී 2016 පෙබරවාරි 28 දා රාතී‍්‍ර රිය අනතුරක් සිදුකර පලා යෑම, තොරතුරු වසන් කිරීම හා රියැදුරු ලෙස වෙනත් අයකු ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව සිදු කරන විමර්ශන සඳහා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරය තුළදී පැය දෙක හමාරක් ප‍්‍රකාශ සටහන් කර ඇත.
 
 පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය එල්ලවීමට ප‍්‍රථම ඒ පිළිබඳව තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ පූජිත් ජයසුන්දර මහතා මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇත.
 
 කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නෙරංජිනී සිල්වා මහත්මිය ලබාදුන් අවසරය මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ජී. කේ. නන්දන, ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නෙවිල් ද සිල්වා, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එරංග ප‍්‍රනාන්දු යන මහත්වරුන් විසින් එකී ප‍්‍රකාශ සටහන් කර ඇත.
 
 එම රිය අනතුර සිදුවූ දින රාතී‍්‍ර 11.13 ට හිටපු ඇමැති සැකකාර පාඨලී චම්පික රණවක මහතා ඔහුට අයත් 0767115099 යන ජංගම දුරකථනයෙන් එවකට බස්නාහිර දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසට කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතා භාවිත කළ 0718591002 දරන දුරකථනයට ඇමතුමක් ලබාදී ඇති බවට දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව අනාවරණය කරගත් කොළඹ අපරාධ කොට්ඨාසය පූජිත් ජයසුන්දර මහතාගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට අවසර ඉල්ලා තිබිණි.
 
 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 සහ 67/1 වගන්ති අනුව අධිකරණය විසින් එකී අවසරය ලබාදී තිබිණි.

Related posts

ස්වාධීන රුපවාහිනියේ “බ්ලු” පෙන්වන ලනුව අගමැතිට දුන්නේ ඔහුගේම ලේකම්වරයෙක්

colombotoday

ජයග්‍රහණයෙන් වියරු වැටී බංගලි ක්‍රීඩකයෝ යකා නටති.. විවේකාගාරයට පහරදී වීදුරු කුඩු පට්ටම් කරති

colombotoday

ලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් මිලියන 47ක ඖෂධ

Admin

මධ්‍යම පළාතට අනවශ්‍ය ලෙස ඇතුල්වෙන සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ

colombotoday

යහපාලකයෝ වකුගඩු රෝගීන්ට වහ කවයි! වකුගඩු රෝග නිවාරණයත් කෘෂි රසායන සමාගම් අතට !!

colombotoday

එතනෝල් කාරයෝ ජාවාරම්කාරයෝ එක්ක ෆේස් ටූ ෆේස් හැප්පෙන්න මට ගිනි අවියක් ඕනමයි – රන්ජන්

colombotoday