Colombo Today Local News

කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග ප්‍රදේශ කිහිපයක සිදුවන දේ

කොරෝනා වෛරසය ආසාදනය වූ කිහිපදෙනෙක් හමු වීමෙන් පසු රාජාංගනය ප්‍රදේශයේ යාය 1, 3 සහ 5 කලාපවල ජීවත්වන පවුල් 12,000ක් පමණ හුදකලා කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිත පොකුරෙන් මේ වන විට ආසාදිතයින් 532ක් වාර්තා වි ඇති බවය.

මේ අතර රට තුළ පවත්නා වත්මන් තත්ත්වය තුළ ඇඳිරි නීතිය පැනවීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මේ අතර බාහිර සමාජයෙන් ආසාදිතයින් හමුවිම නිසා අද වන විට හුදකලා කර ඇති අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ ඊයේ (14)දින 320කට ආසන්න පිරිසකගේ PCR පරික්ෂණ සිදු කර තිබේ.

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන කරන මධ්‍යස්ථානයේ සේවයේ නිරතව සිටි පිළියන්දල දැල්තර ප්‍රදේශයේ යුද හමුදා නිලධාරියෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය විම නිසා ඔහු සංචාරය කළ පිළියන්දල නගරයේ කඩ සාප්පු කිහිපයක් වසා දමා එහි පිරිස් නිරෝධායනයට යොමු කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ කොවිඩ් ආසාදිත යුධ හමුදා නිලධාරියෙකු ඇසුරු කිරීම හේතුවෙන් සීගිරිය පොලීසියේ පොලිස් පරික්ෂකවරයෙකු හා ඔහුගේ පවුලේ පිරිස් නිරෝධායනයට යොමු කර තිබේ.

සීගිරිය පොලීසියේ දෛනික වැඩ කටයුතුවලදී එම පොලිස් ස්ථානයේ නිලධාරින් යොදා ගැනිම අවදානම් විම හේතුවෙන් ඒ සඳහා දඹුල්ල පොලිසියේ විශේෂ කණ්ඩායමක් සීගිරිය පොලීසියට අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ.

Related posts

මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්….

colombotoday

චීනයට පළතුරු යවන ගිවිසුමට වසරයි… කෙහෙල් ගෙඩියක්වත් යවා නෑ…

colombotoday

ඉදිරි දින කිහිපයේදී වහලා තියෙන තත්වයෙන් රට මුදවා ගත යුතුයි

colombotoday

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් රතු එළියක්

colombotoday

හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර ට්‍රැවලින් බෑගයක දමා කොළඹට ගෙන ආවේ බසයෙන්

colombotoday

සංචරණ සීමා ඉවත් කළ පසු පළාත් තුළ පමණක් දුම්රිය සහ බස් ධාවනය කිරිමට සැලසුම්

colombotoday