Colombo Today Local NewsCovid 19

කොවිඩ් ආසාදිතයා ෆේස්බුක් සටහනක් තබමින් කල අනාවරණයක්

කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මානව සම්පත් කළමණාකරණ අංශයේ රැකියාවේ නිරත වන පුද්ගලයෙකු ෆේස්බුක් සටහනක් තබමින් අනාවරණයක් කර තිබේ.

ඔහුගේ බිරිඳ පෞද්ගලික ආයතනයක මූල්‍ය අංශයේ රැකියාවක නිරත වන අතර ඔවුන් කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් සඳහන් කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ තමා කොවිඩ් -19 ආසාදිත බව නොදැනුවත්කමින් අම්බලන්ගොඩ බටපොළ කිරිමැටිය ප්‍රදේශයේ පිහිටි නිවසකට ගිය බවත් එහිදී ඔහු එම ප්‍රදේශයේ වෙළෙඳසැලකට සහ නිවාස තුනකට ගිය බවත් ය.

ඔහු පසුගිය 03 වැනිදා ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක පැවැති බෝධි පූජා පිංකමකටද සහභාගී වූ බවද පවසයි.

ගවීන් විමලසිරි නැමැති පුද්ගලයෙකු මෙලෙස ෆේස්බුක් සටහනක් තබමින් පවසන්නේ තමන් පසුගිය 02වැනි දා කොක්මාදූව හරහා සහ අධිවේගී මාර්ගයෙන් ගාල්ලටත්, මාතර – කොළඹ බස් රථයකින් කහව ප්‍රදේශයටත් පැමිණි බවය.

තමාට කොවිඩ් ආසාදනය වී තිබුණු බවට දැන සිටියේ නම් තමා හැදුණු වැඩුණු ගමවන බටපොලට කිසි විටෙකත් නොඑන බවත් ඉන් සිදුවූ අපහසුතාව පිළිබඳව බටපොල ජනතාවට කණගාටුව පළ කරන බවත් සඳහන් කරයි.

ඔහු දැනට රඹුක්කන රෝහලේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටී.

ඔහු තැබූ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ:

Related posts

පුද්ගලයෙකු ට පහරදී මරා දාල

colombotoday

ඩයනට ගැහුවද? ඩයන ගැහුවද? හොයන්න කමිටුවක් පත් කරයි.

Admin

කොටුවෙන් හමුවූ කොවිඩ් ආසාදිත නාවික සෙබලා සමග සිටි 200ක් නිරෝදායනයට

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සමුද්‍රීය පරිසරයට සිදුවූ හානිය තක්සේරු කිරීමට එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් දිවයිනට

colombotoday

ඉන්ද්‍රා පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

කල්පිටියේ ධීවර යාත්‍රාවක් අතුරුදන්

Admin