Colombo Today Local News

අවසරයකින් තොරව ටෙලිනාට්‍යක චායාරූපයක් පල කල රූපවාහිනී නාලිකාවකට එරෙහිව නඩු…!

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ ‘සුද්දේ’ ටෙලි නාට්‍යයේ තමන්ගේ අවසරයකින් තොරව තම චායාරූපය වෙනත් අයෙකු සමග බද්ද කොට තනි චායාරූපයක් සේ සකසා එකී ටෙලි නාට්‍යයේ මිය ගිය චරිතයකට ආදේශ කිරීම හේතුවෙන් එම ටෙලි නාට්‍ය නිශ්පාදක සහ විකාශය කල එම ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවට එරෙහිව කඩුවෙල දිසා අදිකරණයේදී එම අගතියට පත් පුද්ගලයා නඩු පවරා ඇති බවට වාර්තා වේ.

අගතියට පත් පාර්ශ්වය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහල නිලයක් දරන කීර්තිමත් තැනැත්තියක් වන ජයත්මා වික්‍රමණායක මහත්මිය බව වැඩිදුරටත් වාර්තා වේ.

ඇය පසුගිය වසරේ ටයිම් සගරාව මගින් පල කරන ලද ලෝකයේ බලවත්ම නැගී එන පුද්ගලයින් සිය දෙනා අතරට තෝරා පත් විය. වික්‍රමණායක මහත්මිය වෙනුවෙන් නීතිඥ නිලූකා දිසානායක මහත්මියගේ උපදෙස් මත නීතිඥ තිෂය වේරගොඩ, නීතිඥ සංජය මාරඹේ යන මහත්වරු පෙනී සිටි අතර කරුනු සලකා බැලීමෙන් අනතුරුව එකී රූපවාහිනී නාලිකාවට සහ නිශ්පාදකට එරෙහිව කඩුවෙල දිසා අදිකරණය විසින් අතුරු තහනම් නියෝග නොතීසි නිකුත් කල බවට වාර්තා වේ.

Related posts

තමිල්නාඩුවේ ශ්‍රී ලංකා සරණාගතයින්ට යළි මෙරටට පැමිණීමට අවස්‌ථාව

colombotoday

මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday

පන්නන්න ගිය කෝටියක යූරෝ රේගුවේදී මාට්ටු

colombotoday

“ජාතිවාදී උද්ඝෝෂණ, විග්නේෂ්වරන් – ඒකාබද්ධ විපක්ෂය අතර ඩීල් එකක්“ – මරික්කාර්

colombotoday

රූපවාහිනියෙන් ආලින්දයට ආ සොදුරු හිතවතා, හේමනලින් කරුණාරත්න දිවි ගමන නිම කරයි

colombotoday

කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්

colombotoday