Colombo Today Local News

කොටුවෙන් හමුවූ කොවිඩ් ආසාදිත නාවික සෙබලා සමග සිටි 200ක් නිරෝදායනයට

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙක් වාර්තා වීමත් සමග කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි “ගෆුර්” ගොඩනැගිල්ල සහ එහි සිටි 200 කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සම්පුර්ණයෙන්ම හුදකලා කොට තිබේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ එම ගොඩනැගිල්ලේ රඳවා සිටි නාවික හමුදා භට පිරිසෙන් එක් සාමාජිකයෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බවයි.

එම ගොඩනැගිල්ලේ සිටි 200 කට ආසන්න නාවික හමුදා සාමාජිකයින් එහිදීම නිරෝධායනයට ලක් කිරිමට අවශ්‍ය කටයුතු අරඹා ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ එම ගොඩනැගිල්ලේ රඳවා සිටියේ වැලිසර නාවික හමුදා කඳවුරට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට යොදා ගනු ලැබූ සාමාජිකයින් බවයි.

හුදෙකලා කරනු ලැබූ වැලිසර නාවික හමුදා කඳවුර සහ එහි රෝගීන්ට ප්‍රතිකාර කරනු ලැබූ වැලිසර රෝහලේ අවශ්‍යතා සැපයිම සඳහා යොදා ගනු ලැබූ මෙම නාවික හමුදා භට පිරිස බාහිර සමාජය සමග මිශ්‍ර නොවන අයුරින් ආරක්ෂා සහිතව එම ගොඩනැගිල්ලේ රඳවා සිටින බවයි.

මේ අතර පසුගියදා විජයග්‍රාහී සැමරීමේ පෙරහුරුවට එක්ව සිටිය බව කියන නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ බව කියන නාවික හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දෙවන වරට සිදුකළ PCR පරීක්ෂණ වාර්තා මේ දක්වා ලැබී නොමැති බවද මෙහිදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේය.

Related posts

ජනපති රෝහල්වල ධාරිතාව ගැන වාර්තාවක් කැඳවයි

colombotoday

පූටීන් හමුවීම ගැන මෛත්‍රී ආඩම්බරයෙන් !

colombotoday

අරලියගහ මන්දිරය හිස් කරන්න ඉහළම තැනකින් නියෝග… කාර්යමණ්ඩලය අද රෑ ඉවතට…

colombotoday

IOC නිසා ඛණිජ තෙල් සංස්ථාවට දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක්

colombotoday

දුම්රිය ස්ථාන වලදී මගීන්ට කොන්ඩම් පහසුකම්

colombotoday

ඇසළ පුන් පොහෝ දිනය අදයි

colombotoday