Colombo Today Local News

කොටි ධේනුවක්වකගේ හිසට වෙඩි තබා ඝාතනය කරලා

හිසට වෙඩි තබා ඝාතනය කර තිබු කඳුකර කොටි ධේනුවකගේ සිරුරක් මස්කෙලිය බ්‍රවුන්ලෝ තේ වත්තේ තිබී
හමු වී තිබේ.

නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක, ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසා සිටියේ එම සිරුර ඊයේ (21) දිනයේ දී සොයා ගත් බවය.

මස්කෙළිය පොලිස් වසමට අයත් බ්‍රවුන්ලෝ තේ වත්තේ පාසලට ඉහළින්, මිය ගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් ඇති බවට වතු කම්කරුවන් පිරිසක් විසින් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දී තිබේ.

අවුරුදු 06 ක් පමණ වයසැති කොටි ධේනුව හොඳින් වැඩුණු සතෙකු බවත්, කොටි ධේනුවගේ හිසට වෙඩි තුනක් එල්ල වී ඇති බවත් ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියාසිටියේ ය.

කොටි ධේනුවට වෙඩි තබා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබේ.

මිය ගිය කොටි ධේනුව සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර, පශ්චාත් මරණ පරික්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී

colombotoday

බන්ධනාගාර තුළ මෙහෙයුම්වලින් ජංගම දුරකථන 5,000 ක් අත්අඩංගුවට

colombotoday

සිරකරුවන් 101ට හෙට නිවාස නිවාඩු

colombotoday

ගුරු-විදුහල්පති සේවා සංවෘත සේවා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

කළුබෝවිල රෝහලේ මුස්ලිම් වෛද්‍යවරයෙක් බඩුත් සමඟ මාට්ටු

colombotoday

විභාග මධ්‍යස්ථාන වෙත යන්න අපහසුතා ඇති මාතර ශිෂ්‍යත්ව අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Admin