Colombo Today Local News

කොකේන් අදින මන්ත්‍රීවරයෙකුගේ නමක් රන්ජන් හෙළිකරයි…

කොකේන් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ නම සඳහන් කිරීම තරයේ හෙළ දකින බව එම කොංග්‍රසය පවසනවා.

 එම කොංග්‍රසයේ භාණ්ඩාගාරික හා හිටපු මධ්‍යම පළාත් අමාත්‍ය එම්. රාමේෂ්වරන් මහතා මේ බව කියා සිටියේ අද තලවකැලේ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සිය ජනප්‍රියතාව පවත්වාගෙන යාමට සිදු කරන ලද්දක් බවයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ. 

එම උත්සවට අමතමින් රාමේෂ්වරන් මහතා ප්‍රකාශ කළේ මාස තුනකට වරක් රංජන් රාමනායක මහතා කිසියම් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් මාධ්‍ය වෙතට නිකුත් කරමින් සිටින බවයි. 

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කර ඇති පරීක්ෂණය සාධාරණව සිදු කර ඔහුට දඩුවම් ලබා දිය යුතු බව ද ඒ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. 

Related posts

ත්‍රී වීල් ගැන තීරණයක්

Admin

ක්වේට් ගමන් තාවකාලිකව අත්හිටුවයි !

colombotoday

Video: අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගේන්න බෑ… බෑ… බෑමයි… – ආචාර්ය ප්‍රතිභා මහනාම

colombotoday

[Video] ‘සිංහලේ’ වෙනුවෙන් සිංහලේ උරුමක්කාරයෙක් පෙරට එයි!

colombotoday

කැබිනට් මණ්ඩලය 35කට ඉහළ නැංවීමට එජාපයෙන් යෝජනා

colombotoday

නෙළුම් පොකුණ චන්ද්‍රිකාගෙ.. මහින්ද නම දාගත්තා.. ඉවසුවා ඇති – ජනපති රහස් හෙළි කරයි

colombotoday