BusinessColombo Today Local News

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

මේ වන විට වෙළෙඳපොළේ පවතින උග්‍ර කහ හිඟය හේතුවෙන් හා පිරිසුදු කහකුඩු කිලෝ එකක් රුපියල් පන්දහසක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බැවින් වර්ණ ගැන්වූ කෘතිම කහ වෙළෙඳපොළේ බහුල වශයෙන් අලෙවි වෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙසේ වර්ණ ගැන්වූ කහ පරිභෝජනය නිසා පිළිකා, වකුගඩු වැනි ආබාධවලට ලක්විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

සම්පූර්ණයෙන්ම පිරිසුදු කහ ග්‍රෑම් 100ක් ලබා ගැනීමට රුපියල් 500.00ක පමණ මුදලක් වැය වීම නිසා බොහෝ දෙනා අඩු මිලට ඇති කහ මිලදී ගැනීමට පෙලඹී ඇත. මේ පිළිබඳව අදහස් දැක් වූ කුළුබඩු වෙළඳාමේ යෙදෙන වෙළෙඳුන් කිහිප දෙනෙකු පවසා සිටි‍යේ නියම කහ කෑලි ගෙනවිත් කොටා කලවම් නොකර විකිණීමේදී අවම වශයෙන් ග්‍රෑම් 100ක් රුපියල් 450.00-500.00ක් අතර මිලකට විකිණිය යුතු බවයි. නමුත් අඩු මිලට ලබා දිය හැකි කෘතිම කහ ඕනෑ තරම් ඇති බවත් ඒවා නම් ග්‍රෑම් 100ක් රුපියල් 200.00කට පමණ දිය හැකි බවද ඔවුහු පවසති. පාරිභෝජනයට අමතරව කහ කුඩු විවිධ ශරීර ආලේපන, බිස්කට් ඇතුළු බොහෝ නිෂ්පාදනයන්ට යොදා ගන්නා බැවින් ඒ සඳහා කෘතිම කහ යොදා ගැනීම මගින් ඒවා ආලේපනය හා පරි​භෝජනය මගින් විවිධ අසාත්මිකතා ඇතිවීමේ හැකියාවක් ඇති බවද සෞඛ්‍ය අංශ පවසති.

මේ වන විට අනවසරයෙන් ගෙන්වන ලද විශාල කහ තොග රේගුව භාරයේ තබා ඇති බැවින් ඒවා විනාශ වීමට පෙර රට පුරා බෙදා හැරීමටත්, මෙරට කහ අස්වැන්න නියමිත පරිදි ලැබෙන තෙක් කහ ආනයනයට රජය අවස්ථාව ලබාදිය යුතු බව වෙළෙඳ ප්‍රජාව පෙන්වා දෙති

Related posts

අංගමැඩිල්ල වනෝද්‍යානයේ අලි පැටවකුගේ හිසට වෙඩි වදී.

colombotoday

අධිවේගයේ මගඩියක්.. එජාප, ශ්‍රීලනිප ඇමතිවරු කැබිනට්ටුවේ ඇරගනී.. ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් යන බව කියයි

colombotoday

“ඇති තරම් කාර් තියනවා.. ඕන කෙනෙක් ගන්න එකයි තියන්නේ” – ජෝන් ඇමති කාර් කතාව අළුත් කරයි

colombotoday

බෞද්ධ හඬ යටපත් කර තලා දමා මුස්‌ලිම් අන්තවාදය සතුටු කරන යහපාලන සංහිදියාව

colombotoday

භූමදානයට මාර්ගෝපදේශ එනතෙක් සිරුරු මෘත ශරීරාගාර තුළ

colombotoday

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස දිවි හැර යයි

Admin