Colombo Today Local News

කුරුවිටින් ව්‍යාජ මුදල් නෝට්ටු 57ක් සොයා ගනී

ව්‍යාජ මුදල් නෝට්ටු 57ක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු කුරුවිට දොඩම්පේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ‍

කුරුවිට පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එහිදී සැකකරුවන් සතුව තිබී ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු 21ක්, පන්සීයේ නෝට්ටු 34ක් සහ දහයේ නෝට්ටු 02ක් සොයාගෙන තිබේ.

ඊට අමතරව පරිඝණකයක්, මුද්‍රණ උපකරණ කිහිපයක් සහ මෝටර් රථයක් ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කුරුවිට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මිළ අධික පිළිකා ඖෂධ 10 හා වෛද්‍ය උපකරණ 2ක මිළ නියාමනය කෙරේ…

colombotoday

කොරෝනා මර්දනයට චීනයෙන් දුන් මුදල්වලට වුණ දේ ආණ්ඩුව රටට කිව යුතුයි

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ වැඩිවුණු වැටුප් ගැන දැනුම්දීමක්

Admin

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

colombotoday

ඇමති විමල් වීරවංශ ස්වයං නිරෝධායනයට

colombotoday

කොළඹ මාර්ග නීති කඩකරන්නන් හඳුන ගන්න අලුත් ක්‍රමයක්

Admin