Colombo Today Local News

කුරුණෑගල නගරාධිපති බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය විනාශ කර දමයි. ඇමති ජොන්ස්ටන්ගේ අනුහසින් නීතිය ක්‍රියාත්මක නොවෙයි

ප්‍රථම වරට කුරුණෑගල, රාජධානිය කරගත් දෙවැනි බුවනෙකභාහු රජු විසින් සිය රාජ සභා මණ්ඩපය පවත්වාගන ගොස් ඇති ලීවලින් ඉදි කළ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි අට්ටාලය කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ මහතාගේ උපදෙස් මත විනාශ කර දමා ඇති බව වාර්තා වෙනවා.

රාජ සභා මණ්ඩපයෙහි ආරක්ෂාව සඳහා පසු කාලයේදී ගොඩනැගිල්ලක් ඉදි කර ඇති අතර එම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක්සේ සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවතුණි.

කුරුණෑගල මහ නගර සභාව විසින් කාලයක් තිස්සේ මෙම ගොඩනැගිල්ල තුළ හෝටලයක් පවත්වාගන ගොස් තිබුණි.

එම ගොඩනැගිල්ල හා පෞරාණික ලී අට්ටාලය සංරක්ෂණය කිරීම සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ(16 බ්‍රහස්පතින්දා) දිනයේ මුල පිරීමට නියමිතව තිබියදී මෙම ගොඩනැගිල්ලේ කොටසක් ඩෝසර් කෙර ඇත්තේ ඉකුත් අඟහරුවාදා රාත්‍රීයේදීය.

මේ අතර කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇතත්, මේ දක්වා පොලීසිය ක්‍රියාත්මක වී නැතැයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමෙන් මෙම අපරාධයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින අතර නගරාධිපතිධූරය හොබවන තුෂාර සංජිව විතාරණ මහතා මීට ඉහතදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ රියදුරෙකු, ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඔහු නගරාධිපති පුටුවේ ඉන්දවූ බවත් ප්‍රදේශවාසීන් චෝදනා කර සිටියි.

Related posts

ජෝසප් ස්ටාලින්ට ඇප..

colombotoday

රට අරාජිකයි, හාමුදුරුවරු මේ රටේ බලය ඇල්ලිය යුතුයි – ඥානසාර හිමි

colombotoday

පියා පුතුව දැලිපිහියෙන් කපලා

Admin

මෙරටට පැමිණ සිටි අමෙරිකානුවෙක් බස් රථයක් තුළ මිය යයි

colombotoday

රාජ්‍ය, නියෝජ්‍ය ඇමති ඔලු මාරුව සූදානම්.. මැති ඇමතීන් ජනාධිපති කාර්යාලයට එයි

colombotoday

නව විදුලිබල පනත ගැසට් කරයි

Admin