Colombo Today Local News

කුඩු බිස්නස්, වනසංහාර නවත්වනවානම් බදුර්දීන්ට කෝටි 100ක් දෙන්න සංඝ සම්මේලනය සූදානම් – ආනන්දසාගර හිමි

badurdeen

විල්පත්තු වන සංහාරය, සහ මත්කුඩු ජාවාරම වැළැක්වීම යන කොන්දේසි වලට එකග වනවානම් කර්මාන්ත සහ වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් තමන් වහන්සේගෙන් ඉල්ලූ රුපියල් කෝටි 100ක වන්දි මුදල ලබා දීමට සූදානම් බව ජාතික සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළේ අමාත්‍යවරයා කුරුදුවත්ත පොලීසියට පසුගියදා සිදුකළ පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබා දීම සදහා එහි පැමිණි අවස්ථාවේදී.

මෙරට වනසංහාරය වහාන නතර කිරීමට පියවර ගන්නා ලෙස රජයට බලකරමින් පරිසරවේදීන් විසින් පසුගියදා කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවයේදී අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මෙරට වන සංහාරයේ මූලික පාර්ශවකරුවෙකු බව සහ ඔහු ඇතුලූ පිරිසක් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවටද පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමින් කළ චෝදනාව අසත්‍ය බව ප්‍රකාශ කරමින් එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමාට වූ අපකීර්තියට කෝටි 100ක වන්දියක් ඉල්ලමින් අමාත්‍යවරයා පොලීසියට පැමිණිළි කර තිබුණා.

Related posts

යතුරුපැදිවල අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන දෙන්න යෝජනාවක්

colombotoday

බැඳුම්කරයටත් වඩා දරුණු රිෂාඩ් බදුර්දීන් සිදුකල විල්පත්තු වන සංහාරය සොයන්න කොමිසමක් පත් කරන්න – දූෂණ විරෝධී පෙරමුණ

colombotoday

ජනපති 13 ගැන යෝජනා 15ට පෙර ඉල්ලයි

Admin

ජනපති සටනට රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

Admin

ලංගමය දිලුම්ට, දුම්රිය සීබී ට…

colombotoday

කොමදෝරු දසනායක ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගල් පැලෙන බොරු කියලා !

colombotoday