Colombo Today Local News

කුකුල් චමින්දගේ බිරිඳත් හොඳම කිකිලියක්… බොරු පැමිණිලි දාලා පොලිසිය රවට්ටලා ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි ගරාගෙන

පසුගියදා දැරියකට අමාණුෂික ලෙස පහරදීමක් සම්බන්ධව අත අඩංගුවට ගෙන රක්ෂික බන්ධනාගාර ගතකර ඇති කුකුල් චමින්ද නැමිති පුද්ගලයාගේ බිරිද අසත්‍ය පැමිණිලි දමා ව්‍යාපාරකයින් බියගන්වා මුදල් ලබා ගැනීමේ ජාවාරමක යෙදී සිට ඇති බවට තොරතුරු අණාවරණය වී ඇති බව හොරොව්පොතාන පොලිසිය පවසනවා.

ඒ අනුව කුකුල් චමින්දගේ බිරිද වන පෑලව ගල්කොටුවේ ගෙදර චාන්දනි මුනිද්‍රා නැමැති 37 හැවිරිදි සැකකාර කාන්තාවහට ඉදිරියෙදී නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවඳ පොලිසිය සඳහන් කළා.

මෙම සැකකාර කාන්තාව මීට මාස දෙකකට පෙර හොරොව්පොතාන නගරයේ කට් පීස් රෙදි කඩයක මුදලාලි කෙනෙකු තමාව අතවර කිරීමකට ලක්කර බවට පවසා හොරොවිපොතාන පොලිසියේ පැමිණිල්ලක් සටහන්කර තිබුණි.

ඒ වනවිට හොරොවිපොතාන පොලිස් ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා නිවස වෙත ගොස් තිබුණු අතර දුරකථනයෙන් ඒ මහතා සම්බන්ධ කරගනිමින් එම පැමිණිල්ල පිළබඳව දැණුවත් කිරීමටඳ පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ලැබුණු උපදෙස් පරිදි එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද පොලිසිය කටයුතු කර ඇත.

එහිදී මෙම කාන්තාව දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර වාර්ථාවක් ලබා දෙන ලෙසටද අධිකරණය පොලිසියට නියොග කර තිබුණි.

ඒ අනුව පෑලව ගල්කොටුවේ ගෙදර චාන්දනි මුනිද්‍රා නැමැති 37 හැවිරිදි සැකකාර කාන්තාව අනුරාධපුර දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණා.

එහිදී එම කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත තමාට මාසික ශුද්ධිය සෑදී ඇති බව පවසා එදින වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් නොවී පසුව පැමිණීමට එකග වී ඇත.

අනතුරුව දින කිහිපයකට පසු නැවත මෙම කාන්තාව හට හොරොව්පොතාන පොලිසිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පැමිණිනෙ ලෙස දන්වා තිබෙන අතර එහිදීද මෙම කාන්තාව වැලිඔය, පදවිය, වැනි ප්‍රදේශවල නෑදෑ ගෙදරකට පැමිණි ඇති බව පවසා දුරකථනයද විසන්දි කරමින් පොලිසිය හා අධිකරණ වෛද්‍යවරයා මග හරිමින් සිටීමට උත්සහ දරමින් සිට ඇත.

ඒ පිළිබඳ පොලිසිය දිගින් දිගටම විමර්ශණ සිදුකරමින් සිටින අතරතුර මෙම පැමිණිලි කාරිණිය අසත්‍ය පැමිණිලි දමා ව්‍යාපාරිකයින් රවටා මුදල් ලබා ගැනීමක් සිදුකරමින් සිටින බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව පරික්ෂණ සිදු කළ පොලිස්ය හට වැලිඔය, පදවිය වැනි ප්‍රදේශවලින්ද මෙවැනිම පැමිණිලි ලැබී ඇති බවට කරුණු අනාවරණය වී ඇති නමුත් සැකකාර කාන්කාව සැගවී සිටිම හේතුවෙන් පොලීසියහට ඇයව අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබුණා.

පසුගියදා දැරියකට අමාණුෂික ලෙස පහරදීමක් සම්බන්ධව කුකුල් චමින්ද නැමිති පුද්ගලයා පිළිබඳ මුහුණු පොත මෙන්ම ආරක්ෂක අංශ දැඩි අවධානයක් යොමුකර තිබුණා. ඒ අනුව එහි සිටි කාන්තාව පිළිබඳව හොරොව්පොතාන පොලිසිය අවධානය යොමු කර ඇති අතර ඇය පොලිසිය විසින් සොයමින් සිටි කාන්තාවබව අණාවරණය වූ හොරොව්පොතාන පොලිසියේ කාන්තා පොලිස් නිලධාරිණ්යන් දෙදෙනෙකු ඇතුලු විශේෂ පොලිස් කණ්ඩායමක් එදින රාත්‍රියේ එම නිවස වෙත ගොස් එම සැකකාර කාන්තාව හමුවී කටඋත්තර ලබා ගෙන තිබෙනවා.

එහිදී එම කාන්තාව තමන් විසින් හොරොව්පොතාන පොලිසියේ සිදුකළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බව පිළිගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව ඉදිරියෙදී අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කරමින් පොලිසිය නොමග යැවීම මුල් කර ගනිමින් හොරොවිපොතාන පොලිසිය නඩුවක් ගොණුකර නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව හොරොවිපොතාන පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියා.

Related posts

පෞ. සමාගමකට අයත් ගුවන් යානයක් හදිසියේ ම කිඹුලාපිටියට ගොඩ බායි

colombotoday

කෝටි තුනකට අධික හෙරොයින් සමඟ 3 ක් දැලේ

colombotoday

උතුරු දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

ලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් මිලියන 47ක ඖෂධ

Admin

මට්ටක්කුලියේදී ඇල්ලු මත්ද්‍රව්‍ය ජාවාරමක මහමොළ කරු ඉන්දියාවේ | සංවිධානාත්මකව මත්ද්‍රව්‍ය බෙදා හරින බවට අනාවරණයක්

colombotoday

කන්‍යා සොයුරි, වෙස් ගන්වා කතුන් රට පටවන ජාවාරමක් කොටු.. ගැලවීමේ හමුදාවටත් ගැලවෙන්න බැරිවෙයි

colombotoday