Colombo Today Local News

කිතුල් ආශ‍්‍රිත නිෂ්පාදනයන් සදහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට ජනපතිගෙන් උපදෙස්

කිතුල් ආශ‍්‍රිත කර්මාන්තය සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට සහ තල් ගස් කැපීම තහනම් කරමින් පනවා ඇති නීති දැඩිව කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා එම කරුණු පෙන්වා දී ඇත්තේ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප‍්‍රවර්ධන හා ආශ‍්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ඊයේ(25) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකදීයි.

කිතුල් සහ තල් ප‍්‍රධාන අපනයන බෝග අතරට එක් කර විදේශ විනිමය උත්පාදනයේ නව ප‍්‍රවේශයක් විවෘත කර ගැනීමට ඇති හැකියාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ. කිතුල් සහ තල් වගා ප‍්‍රවර්ධනයටත් ඒ ආශ‍්‍රිත බාධක ඉවත් කර නිෂ්පාදන කි‍්‍රයාවලිය දිරි ගැන්වීම සහ කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ගේ අවධානයට යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප‍්‍රවර්ධන හා ආශ‍්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය විශාල විදේශ විනිමයක් උපයා ගැනීමේ ශක්‍යතාව සහිත රාජ්‍ය අමාත්‍යාංශයක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ. එම අමාත්‍යාංශය මගින් කෙටි කාලයකදී ළඟා කරගත යුතු ඉලක්ක සැලසුම් කරන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී‎ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

වාර්ෂික දේශීය පොල් නිෂ්පාදනය බිලියන 03 ක් වන අතර ඉන් බිලියන 1.8 ක් පරිභෝජනයට ගැනෙන බැවින් වැඩි අපනයනයක් සඳහා වගාව ප‍්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළා. ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව හඳුනාගත් ඉඩම්වල කඩිනමින් පොල් වගාව ඇරඹීමටයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ජාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

තවත් ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අනුමැතිය

Admin

මගේ ප්‍රතිවාදියා වී ගොවීන්ට නොමිළේ පොහොර දෙනව කියනවා… මම සියළුම ගොවීන්ට නොමිළේ පොහොර දෙනවා !

colombotoday

තමිල්නාඩුවේ ලාංකික සරණාගතයන් සියළුදෙනා යළි ගෙන්වාගැනීමට රජය ඉන්දියාවේ සහය පතයි

colombotoday

කරඬුව වැඩම කරන්න ඇසල පෙරහැරට අලි ඇතුන් සැපයීම ගැටලුවක්

Admin

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අවසන්

Admin

අලුත් මහාධීකරණයක් හදා මහින්දට නඩු දානවා.. ප්‍රජා අයිතිය ජීවිතාන්තයටම අහෝසි කරනවා

colombotoday