Colombo Today Local News

කාදි අධිකරණයෙන් අසාධාරණයට ලක්වූ මුස්ලිම් කතකගෙන් මාධ්‍යයට තවත් හෙළිදරව්වක්

මුස්ලිම් විවාහ නීති ක්‍රියාත්මක කරන කාදි අධිකරණ මුස්ලිම් කාන්තාවන්ට බරපතළ අසාධාරණ සිදුකරන බවට තවත් කාන්තාවක් අද ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කළේය.

මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි නෝනා නජීමා නමැති ඇයගේ චෝදනාව වූයේ දික්කසාද ක්‍රියාවලියේදී කාදි අධිකරණ පිරිමි පාර්ශ්වයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවයි.

තමාට මෙම උසාවියෙන් අසාධාරණයක් වී ඇති බවත්, අබාධිත දරුවෙක් සිටින තමාට මසකට රුපියල්  7500 ක් ගෙවන ලෙස නියම කරත් ගෙවන්නේ රුපියල් 5000ක් බව ද මෙම කාන්තාව පවසා සිටියේය.

තමා හඬා වැටුණ විට තමාට බැන වැදුන බව ද පැවසු ඇය, තමා විවාහ වන්නේ මුස්ලිම් නීතිය යටතේ වන බවත් පසුව කාදි උසාවියකට යන බවත්, සාධාරණයක් නොවන්නේ නම් මෙවැනි උසාවියක් අවශ්‍ය වන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියේය.

ඕන තරම් ගෑණු ලබා ගන්නා බවත්, කාදි උසාවියෙන් සෑම මොහොතකම සාධාරණය ඉටු වන්නේ පිරිමින්ට පමණක් බවත් චෝදනා කර සිටි ඇය, ජයමිතුල් උලමා සංවිධානයට පවා මේ දුක ගැන කියා සිටි බව ද පැවසීය.

මෙවන් පසුබිමක මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කෙරෙහි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ අවධානය දැන් යොමු වී තිබේ.

විවාහ වීමේ වයස අවුරුදු 18 දක්වා ගෙන ඒමත් විවාහයේ දී සැමිය හා බිරිඳ යන දෙදෙනාම අත්සන් තැබිය යුතු බවට ද එකඟතාවයකට පැමිණ ඇතැයි මරික්කාර් මන්ත්‍රීවරයා පසුගිය දා පැවසීය.

Related posts

ඤාණසාර හිමිට මඩ ගහන්න ගිය ITN මාධ්‍යෙවේදියාට ඉදුරාගාරේ හිමි දුවන්න දෙයි

colombotoday

ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

Admin

හබරණදී දුම්රියේ ගැටුණු වන අලියෙකු මරුට.. – දුම්රියත් පීළිපනී

Admin

ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය එළිදකී

Admin

ආයතන ගැසට් කරයි වැඩිම ජනාධිපතිට

Admin

විදේශ රැකියා ආයතන 13ක බලපත්‍රය අවලංගුයි.. ඕමාන්-ඩුබායිහී අතරමං වී සිටින 140ක් දිවයිනට ගෙන්වීමට පියවර

Admin