ක්‍රිකට් අතුරුකමිටු ලේකම් ප්‍රකාශ් ශාෆ්ටර් මහතා ක්‍රිකට් ආයතනයේ සේවකයන් 70 දෙනෙකු ස්ථිර කිරීමට කළ කුමන්ත්‍රණයක් හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට හදිස්සියේම තීරණය කර ඇතිබව වාර්තා වෙනවා.
මේවනවිට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාල පත්වීම් නතරකර ඇති අතර ඇතැමුන්ට සේවය ස්ථිර කිරීමේ ලිපි ක්‍රිකට් ආයතනය විසින් ලබාදී ඇති බවද පැවසේ. ක්‍රිකට් ආයතනයේ ජනප්‍රිය ලේකම්වරියක් වන ගයාත්‍රි වික්රමසිංහද ස්ථිර කිරීමේ ලයිස්තුවේ සිටිබව මේවනවිට අනාවරණය වී තිබෙනවා.