Colombo Today Local NewsCovid 19

කළුතර කොරෝනා ආසාදිතයින් 13න් 7ක්ම බේරුවලින්

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පුද්ගලයන් 135 දෙනෙකු නිරෝධායන කටයුතු සම්පූර්ණ කර ඇති අතර ස්වයං නිරෝධායන කටයුතුවල පුද්ගලයන් 206 දෙනෙකු යොමුකර ඇති බවත් කොරෝනා ආසාදිත තත්ත්වයෙන් හඳුනාගත් රෝගීන් 7 දෙනෙකු රෝහල් ගත කර ඇතැයිද අද (25) බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරයි .

කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 13ක් හඳුනා ගෙන රෝහල් ගත කර ඇති අතර ඉන් 7 දෙනෙකු ම බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ බව කියයි.

ඒ හේතුවෙන් බේරුවල අවදානම් රතු කලාපයක් ලෙස නම්කර ඇතැයි ද හෙතෙම පැවසීය.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය යන රටවල විදෙස් සංචාරකයන් මෙන්ම සිංගප්පූරුව ,කොරියාව, ඉන්දියාව, ඩුබායි සහ මැඩගස්කර වැනි රටවල් වලින් පැමිණි දේශීය පුද්ගලයන්ද කොට්ඨාසය ජීවත්වන බව ඒ මහතා අවධාරණය කළේය .

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න..

Admin

මාස 7ක දරුවෙකුටත් කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

හෙට පාර්ලිමේන්තුව රැස්වන බවට කථානායකගෙන් නිවේදනයක්

colombotoday

මිනුවන්ගොඩ – පෑලියගොඩ කොරෝනා පොකුර 7000 ට කිට්ටු කරයි

colombotoday

ජනපතිවරණයට එන්නේ මමයි, වෙනකිසිවෙක් නොවෙයි, රනිල් පළමුවරට කියයි

colombotoday

මෛත්‍රි යන්න කලින් සිංහරාජය තුන්ගුණයකින් වැඩි කරලා

colombotoday