Uncategorized

එස්.බී.ගෙන් සජිත්ට ප්‍රශ්න 3ක්

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධරයට පත්වුවහොත් ඔහුගේ ආණ්ඩුවේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය කවුරුන්දැයි රටට හෙළි කළයුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

මහනුවරදී  අද (21) මාධ්‍ය හමුවක් කැඳවමින් එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා පුන පුනා ඔහුගේ රජයේ දූෂිතයන් නොමැති බව පවසන බවයි.

ඔහුගේ රජය පිරිසිදු රජයක් බවත් ඔහුට කොනදේසි නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවත් අකිල විරාජ් අමාත්‍යවරයා හා රනිල් වික්‍රමසිංහ මහතා මෙම වැඩපිළිවෙල මෙහෙම ගෙනියන්න අපට බලය දෙන්නැයි පවසන බවත් කියා සිටි එස්.බී.දිසානායක මහතා පවසා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවක අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ද වෙන අයෙක් ද යන්න විමසා සිටි ඒ මහතා, මංගල සමරවීර මහතා මුදල් ඇමති ද යන්න මෙහිදී විමසා සිටියේය.

ඒ අතර, බරපතළ චෝදනා එල්ල වී ඇති රිෂාඩ් බදියුදීන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සිටින වාද යනුවෙන් ප්‍රශ්න කර සිටි එස්.බී.දිසානායක මහතා මේ ගැන රටේ ජනතාව විශාල උනන්දුවක් දක්වන බවත් පැවසීය.

Related posts

හැටන් ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 ක් ඇතුළු පිරිසක් නිරෝධායනයට.

colombotoday

කොවිඩ් ආසාදිතයින් 406ක්

colombotoday

සහජීවනය හදන හැටි බුදු දහමින් ඉගෙන ගන්න… ලංකාවේ අපට විදෙස් මැදිහත්වීම් එපා – අගරදගුරුතුමා

colombotoday

මත්ද්‍රව්‍ය සමග තලවතුගොඩ බොත්තමා අත්අඩංගුවට

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනට බාධා

Admin

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය අසාද් සාලිට ?

colombotoday