Colombo Today Local News

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය රනිල් ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස කෙරුණු යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (23)දින පැවති සාකච්ඡාවකදීය.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි තනතුරු පිළිබඳ ව තීරණය කිරීම සඳහා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ හමුවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිරිකොතදී පැවැත්විය.

එහිදී පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී ඇති අතර වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

තරුණ මන්ත්‍රිවරයෙකු ඊට පත්කිරීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා එහිදී අවධානය යොමු කර ඇති බව පැවසෙයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහුගෙන් අප කළ විමසීමක දී ඔහු සිය ඉල්ලා අස්වීම තහවුරු කළ නමුත් සිරිකොත හමුවෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ප්‍රකාශ කළේ ඉල්ලා අස්වීම පිළිබඳ කාරියවසම් මහතා ලිඛිතව දැනුම් දී නොමැති බවය.

Related posts

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි !

colombotoday

2020 විධායක ජනපති ගෝඨාභය.. අගමැති මහින්ද.. ස්ථීරයි ! (Video)

colombotoday

ඉන්ධන අවසන් කියූ පසු හමුදා සෙබළාගේ අත කපලා

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු දින 3ක්

Admin

ලොරි රථයක ගැටී යතුරුපැදියක ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මරුට

colombotoday

ට්‍රැෆික් කන්ට්‍රෝල් අන්තිමයි.. දක්ෂිණ අධිවේගයේ ගොඩගම පිටවීම අවහිරයි.. පෝලිම කිලෝමීටරයකට වැඩියි

colombotoday