Colombo Today Local News

එක්නැලිගොඩ නඩුවේ චෝදනා ලැබූ බුද්ධි අංශ නිලධාරීන් ඇප මත මුදාහරී

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යෑමේ චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් නව දෙනෙකුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

මෙම නඩුව අද (27) සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීම සිදු කෙරුණු අතර පසුව ඔවුන් පෙර ඇපමත මුදා හැරීමටද නියම කෙරුණි.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේනම් ඒවා සතියක් තුළ අධිකරණය වෙත බාර දෙන ලෙසද නියම කළේය.

පසුව විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියම කරනු ලැබුවේය.

අනතුරුව නඩුව දෙසැම්බර් මස 18 වනදා කැඳවීමට ද නියම වුණි.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්  ෂම්මි කුමාරරත්න ඇතුළු විත්තිකරුවන් නම දෙනෙකු නම් කර තිබේ.

2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමඟ එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

Related posts

කොටින්ට අරමුදල් සැපයූ සමාගමේ මූල්‍ය උපදේශක කුමාරස්වාමි, මහබැංකු අධිපති කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක්

colombotoday

ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් මන්ත්‍රීවරුන්ගේ නම් ගන්න වසර 30 ක්‌ යයි

colombotoday

20 සම්මත කිරීම ආණ්ඩුවේ අවසානයේ ආරම්භයයි

colombotoday

ජනපති යලි දිවයිනට සෙල්ෆි ගහන්න ගුවන්තොටේ පොරයක්

Admin

හිටපු පා.ම ශ්‍රී රංගා අත්අඩංගුවට ගැනීමට නියෝග

colombotoday

නව අගමැති දිවුරුම් දීම අද?

colombotoday