Colombo Today Local News

ඉස්ලාම් අන්තවාදීන් ආගමේ නාමයෙන් ලොවපුරා 13000ක් මරා දමලා…

ලොව පුරා එල්ල වූ ඉස්ලාමික ත්‍රස්ත ප්‍රහාරවලින් 13,000කට අධික පුද්ගලයන් ප්‍රමාණයක් මේ වන විට මියගොස් ඇතැයි අනාවරණය වෙයි. 1979දී සෞදි අරාබියේ ප්‍රධාන දේවස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරමින් ඇරඹි මෙම ඝාතන රැල්ල මේ වන විට පුද්ගලයන් දසදහස් ගණනකට තුවාලද සිදුකර තිබේ.

ගිනි තැබිම්, වාහනවලට යට කිරීම්, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, වෙඩි තැබිම්, තියුණු ආයුධවලින් පහරදීම්, ගුවන් යානා කොල්ලකෑම්, පැහැරගෙන යාම් හා හිස ගසා දැමීම් මගින් මෙම ප්‍රහාර එල්ල කර තිබේ.

වැඩිම පිරිසකට මරු කැඳවූ ඉස්ලාමික ත්‍රස්ත ප්‍රහාරය 2001දී ඇමෙරිකාවට එල්ල වූ 9-11 ප්‍රහාරය වන අතර ඉන් දිවි අහිමි වූ ප්‍රමාණය 2996කි. 2004දී රුසියාවට, 2014දී සිරියාවට, 2016දී ඉරාකයට එල්ල වූ ඉස්ලාමික ත්‍රස්ත ප්‍රහාර වැඩිම පුද්ගලයන් ප්‍රමාණයකට මරු කැඳවූ ත්‍රස්ත ප්‍රහාර වෙයි.

මුලින් නිකුත් වූ සංඛ්‍යා ‍ලේඛන අනුව ශ්‍රී ලංකාවේ පාස්කු දින ප්‍රහාරයෙන් මියගිය පිරිස 359ක් වූවා නම් එය ඉස්ලාමික ත්‍රස්තවාදීන් සිදු කළ සිව්වැනි විශාලතම මිනිස් ඝාතනය වෙයි. එහෙත් මේ වන විට හඳුනාගත් මෘතදේහ සංඛ්‍යාව 253ක් බව ප්‍රකාශ කිරීම හේතුවෙන් එය වෙනස් වී ඇත.

මේ අතරින් ප්‍රචණ්ඩතම ත්‍රස්තවාදීන් වන IS විසින් රටවල් 30කට ත්‍රස්ත ප්‍රහාර 149ක් එල්ල කර ඇති අතර ඉන් පුද්ගලයන් 2370ක් මරුමුවට පත්ව තිබේ. ඉරාකය, බෙල්ජියම, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඇමෙරිකාව,  ප්‍රංශය, සෞදි අරාබිය, ඩෙන්මාර්කය, ටියුනීසියාව, සිරියාව, යේමනය, බංග්ලාදේශය, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, බ්‍රිතාන්‍ය, ස්වීඩනය, ස්පාඤ්ඤය හා ඉන්දුනීසියාව යන රටවලට IS සංවිධානය ත්‍රස්ත ප්‍රහාර එල්ල කර තිබේ.

Related posts

පැල්මඩුල්ලේ විහාරස්ථානයක් හා නිවාස දෙකක් නිරෝධායනයට

colombotoday

යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ පස්වැනි වටයේ සාකච්ඡා අරඹයි

Admin

ලාහෝර් – කරච්චි ශී‍්‍ර ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday

ත්‍රස්තවාදයට ඍජු සම්බන්ධතාවක් ඇති බවට සාක්ෂි නැති නිසයි බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කලේ : චමල් පාර්ලිමේන්තුවේ දී පහදයි

colombotoday

“අගමැති රනිල් සමග තවත් වසනු බෑ..“ අගමැතිට එරෙහිවූ ශ්‍රිලනිප ඇමතිලාගෙන් ජනපතිට ලිපියක්

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday