World

ඉන්දියාවේ ප්‍රතිචාර දරුණු වෙයි – පාකිස්ථානයට ගලන ඉන්දු නදිය වෙනතකට හරවයි

පුල්වාමා ප්‍රහාරයට ඉන්දියාව දක්වන නවතම ප්‍රතිචාරය ලෙස, ඉන්දියාවේ සිට පකිස්ථානයට ගලා යන ගංගා ජලය සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. ඒ අනුව ඉන්දියාවේ සිට පකිස්ථානයට ජලය ගලා යන ඉන්දු නදිය නව බැම්මක් ආධාරයෙන් වෙනතකට හැරවීමට කටයුතු කරන බව ඉන්දීය ප්‍රවාහන හා ජල සම්පත් අමාත්‍ය නිතින් ගද්කාරී පවසා ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා (14) කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී ඉන්දීය හමුදා සාමාජිකයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඉන්දු – පකිස්ථාන සබඳතා මේවනවිට පළුදු වෙමින් තිබේ.

ඉන්දියාව ප්‍රහාරයක් එල්ල කළ හොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ද පසුගියදා අනතුරු අඟවනු ලැබුවේය. ඛාන් මෙම අනතුරු ඇඟවීම කළේ, තම අසල්වැසියන් ත්‍රස්තවාදයට උපකාර කරන බවත් ඊට ප්‍රතිචාර දැක්විය යුතු බවටත් පසුගිය සිකුරාදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ ප්‍රකාශයට පිළිතුරු ලෙසින්ය. ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ සෞදි රජකුමරු තම රටෙහි සංචාරයක නිරතවීම හේතුවෙන්, තමන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම පමා වූ බවයි.

පුල්වාමා ප්‍රහාරයේ වගකීම පකිස්ථානයේ සිට ක්‍රියාත්මක ජායි -ස් ඊ මොහොමද් නමැති සටන්කාමී සංවිධානය විසින් බාරගනු ලැබීය.

Related posts

CIA අධ්‍යක්‍ෂ හොර රහසේ ඇෆ්ගනිස්ථානයේදී තලේබාන් නායකයා හමු වෙයි.

colombotoday

රාහුල් ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි

Admin

මූල්‍ය වංචා චෝදනා එල්ල වූ ප්‍රබල අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

Admin

ISIS නායක අබු බකර් දෙවියන් ලඟට යැවූ එක්සත් ජනපද විශේෂ බලකා මෙහෙයුම

colombotoday

රුසියාව ඉරානය සිරියාවේ වෙනුවෙන් එක් වෙති – යලිත් ගැහුවොත් ගෝලීය අර්බුදයක් අතළඟ – පුටින් අනතුරු අඟවයි

colombotoday

කියුබාවේ තෙල් ගබඩාවක දින පහක් පුරා පවතින ගින්න

colombotoday